“හැත්තෑ හය වසරක සාපය ගැන කියන මාලිමා ආණ්ඩුව අද රටට සාපයක් වෙලා..”

හැත්තෑ හය වසරක සාපය නිමා කරන බවට පොරොන්දු දී බලයට පැමිණි මාලිමා ආණ්ඩුව අද රටට සාපයක් වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක උදේශි ගුණරත්න මහත්මිය පැවසුවාය.

නිසි කළමනාකාරීත්වයකින් රට ඉදිරියට ගෙන යෑමට වත්මන් පාලකයන්ට දර්ශනයක්,වැඩපිළිවෙලක්,හැකියාවක් නොමැතිකම නිසා මුළු රටම මහා ඛේදවාචකයකට තල්ලුවෙමින් තිබෙන බව ඇය පෙන්වා දුන්නාය.

කොළඹ පැවති ක්‍රියාකාරී හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ ඇය තවදුරටත් කියා සිටියේ ආණ්ඩුවේ නොහැකියාව නිසා ඇතිවී තිබෙන භාණ්ඩ මිල ඉහල යෑම හා ජීවන වියදම දරාගත නොහැකිව කාන්තාව මෙන් සමස්ත සමාජයම දැඩි අර්බුදයකට මුහුණපා සිටින බවයි.

හොරු අල්ලන බවට පොරොන්දු දී බලයට පැමිණි මාලිමා ආණ්ඩුවේ ප්‍රබලයින් අද හොරකමට ප්‍රමුඛතාවය දී කටයුතු කරන බවට චෝදනා කරන ඇය මේ වෙන තෙක් ඇල්ලුව හොරෙක් නැති බවත් උගණ්ඩාවේ සඟවා ඇතැයි ප්‍රකාශ කළ කිසිදු මුදලක් ගෙන ඒමට නොහැකි වී ඇතැයි ද පෙන්මා දුන්නාය.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණ වසර දෙකකට ආසන්න කාලයක් ගතව ඇතත් රට ඉදිරියට ගෙන යෑම සඳහා කිසිදු විධිමත් ක්‍රියාමාර්ගයක් දියත් කර නැති බව පවසන ඇය රටේ නිෂ්පාදනය වැඩිකර ආදායම් මාර්ග ඉහළ දැමීමට පියවර ගෙන නොමැති බවට ඇය චෝදනා කළාය.

ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍ය සහ දුම්වැටි වලට අබ්බැහි වීම වැළැක්වීම සඳහා මාලිමා ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නොමැති වීමෙන් ප්‍රශ්න රැසක් මතුව ඇති බව පෙන්වා දෙන උදේශී ගුණරත්න මහත්මිය රටේ තරුණ පරපුර ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට යහපත් අනාගතයක් උදාකර දෙනවා වෙනුවට මේ ආණ්ඩුවේ එකම අරමුණ වී ඇත්තේ වෛරය පිරිමැහිම පමනක් බව සඳහන් කළාය.

මේ වන විට රට ආර්ථික, සමාජ, දේශපාලන, ආගමික ගැටලු රැසකට මුහුණ පා සිටින බව පවසන ඇය ඒ අතර ප්‍රධානතම ප්‍රශ්නයක් වන්නේ රටේ තරුණ පරපුර සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය හා දුම්වැටි සඳහා ඇබ්බැහි වීම බව පෙන්වා දෙන්නීය.

පක්ෂ ක්‍රියාකාරී හමුව අමතා තවදුරටත් අදහස් දැක්වූ උදේශී ගුණරත්න මහත්මිය…..

රටේ ජනතාව බොරුවෙන් මුලා කර ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබාගෙන මේ වන විට වසර දෙකකට ආසන්න කාලයක් ගතව තිබෙනවා. ඒ කාලය තුළ ඔවුන් ජනතාවට ලබා දුන් එකම පොරොන්දුවක්වත් ඉටුකර නැහැ.

හොරු අල්ලන බවටත්, උගණ්ඩාවේ සඟවා ඇති බිලියන ගණනක මුදල් මෙරටට ගෙන එන බවටත්,සමෘද්ධිමත් රටක් ගොඩනඟන බවටත්,වැනි සුරංගනා පොරොන්දු රැසක් ඔවුන් බලය ලබා ගැනීමටපෙර රටේ ජනතාවට ඉදිරිපත් කළ අයුරු අපට මතකයි.

බොරු පොරොන්දු ලබාදී බලය ගත් මේ ආණ්ඩුවට රට ඉදිරියට ගෙන යෑම සඳහා දර්ශනයක්, වැඩපිළිවෙලක්,හැකියාවක්, නැතිකම නිසා අද මේ රට දිනෙන් දින මහා විනාශයකට තල්ලු වෙමින් තිබෙනවා.

මේ වනවිට ඉන්ධන මිල කිහිප ගුණයකින්ම ඉහළ ගොස් තිබෙනවා ඒ වගේම ආණ්ඩුව බලයට පත්වන විට පැවති එයාටඩා කිහිපගුණයකින්ම අනෙකුත් භාණ්ඩවල මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. මේ තත්ත්වයට හේතුවී ඇත්තේ ලෝක වෙළඳපොලේ ඇතිවී තිබෙන අර්බුදයය බව ආණ්ඩුව ප්‍රකාශ කළත් අසල්වැසි අනෙකුත් රටවල් එම අර්බුදයට සාර්ථකව මුහුණ දී තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.

මෙරට ඉන්ධන ඇතුළු අනෙකුත් භාණ්ඩ මිල අසීමිත ආකාරයට ඉහළ ගොස් තිබෙන්නේ ලෝක වෙළඳපොළ අර්බුදයක් නිසා නොවෙයි. එවැනි තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ ආණ්ඩුවට නිසි පාලනයක් හා කළමනාකරණයක් නොමැතිකම නිසයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *