හර්ෂට තනියෙන් බලන්න එවූ ඩො.මි. 2.5 හැකර් වාර්තාව

මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන දෙකයි දශම පහක මුදලක් වෙනත් පාර්ශ්වයකට යොමුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලූ වාර්තාවක්,  සිය පෞද්ගලික නිවසට එවා තිබූ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අනාවරණ කළේය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වාර්තාව භාරගැනීම ප්‍රතික්ෂේප කරමින්, එය පාර්ලිමේන්තුවට එවන ලෙස තමා නියෝග […]

ජල බිලත් වැඩි වෙයි..?

ජල ගාස්තුව ඉතා සුළු ප්‍රමාණයකින් ඉහළ නංවන බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. කොළඹ අද (02) පැවති පත්වීම් ලිපි ප්‍රධානෝත්සවයක දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉහළ නැංවුණු විදුලි ගාස්තුවට සාපේක්ෂව මෙම ගාස්තු වැඩිවීම සිදුවන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන […]

කපිලගේ මරණයට ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න ඇතුළු දෙදෙනෙක්ට සිතාසි

අබිරහස් ලෙස මියගිය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණ පරික්ෂණයට අදාලව සාක්ෂි ලබාදීම සඳහා ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ නීතීඥ උදාර මුහන්දිරම් යන දෙදෙනාට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (02) සිතාසි නිකුත් කළා. කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණයට අදාලව සාක්ෂි අංක 19 සහ 20 යන සාක්ෂිකරුවන් වන […]

ඥානසාර හිමි වරද පිළිගන්න සූදානම්

කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි නිපොන් හෝටලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට බලහත්කාරයෙන් ඇතුළු වී ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීමේ චෝදනාවට ලක්ව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, තමන් අදාළ වරද පිළිගනිමින් මෙම නඩු කටයුත්ත කෙටි ක්‍රමවේදයකින් අවසන් කර ගැනීමට සූදානම් බව විත්තියේ නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබෙනවා. මෙම නඩුව කොළඹ […]

ලලිත් කූගන් නඩුවට ගෝඨාව ඔන්ලයින් කැඳවයි

ලලිත් සහ කූගන් අතුරුදන්වීමේ සිදුවීමට අදාළ නඩු විභාගය සඳහා මාර්ගගත තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් සාක්ෂි ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබා දී තිබෙනවා. යාපනය, අච්චුවේලි ප්‍රදේශයේදී 2011 වසරේ දෙසැම්බර් මස 09 වැනිදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් යන මහත්වරුන් අතුරුදන් වීමට ලක් වුණා. […]

“හැත්තෑ හය වසරක සාපය ගැන කියන මාලිමා ආණ්ඩුව අද රටට සාපයක් වෙලා..”

හැත්තෑ හය වසරක සාපය නිමා කරන බවට පොරොන්දු දී බලයට පැමිණි මාලිමා ආණ්ඩුව අද රටට සාපයක් වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක උදේශි ගුණරත්න මහත්මිය පැවසුවාය. නිසි කළමනාකාරීත්වයකින් රට ඉදිරියට ගෙන යෑමට වත්මන් පාලකයන්ට දර්ශනයක්,වැඩපිළිවෙලක්,හැකියාවක් නොමැතිකම නිසා මුළු රටම මහා ඛේදවාචකයකට තල්ලුවෙමින් තිබෙන බව ඇය පෙන්වා දුන්නාය. කොළඹ පැවති ක්‍රියාකාරී හමුවකට […]

බැසිල් රාජපක්ෂ ගැන ඇමති ආනන්ද කට අරී..

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මාතර සහ කොටුව අධිකරණ මගින් වරෙන්තු නිකුත් කර ඇතත්, ඔහු දිගින් දිගටම අධිකරණය පැහැර හරිමින් සහ මග හරිමින් සැඟව සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා රටෙන් පැන ගොස් සිටින්නේ තමන් කළ අපරාධ හෙළිවේ යැයි පවතින බිය සහ නීතියට ඇති බිය […]

ජොන්ස්ටන් සීඅයිඩී කැදවයි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ තිබෙනවා. ඒ සම්පත් මනම්පේරී නමැති පුද්ගලයාට කුලී පදනම මත වාහනයක් ලබාදීමේ සිදුවීමකට අදාළව සිදුවන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබාදීම සඳහායි. නීතිවිරෝධී ලෙස මෙම වාහන ගනුදෙනුව සිදුව ඇත්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ඊට අදාළව කරුණු විමසීම සඳහා හිටපු […]

බස් ධාවනය ගැන අවසන් තීරණය අද

ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ නොදැමීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව තීරණය කිරීම සඳහා බස් සංගම් නියෝජිතයින් අද (02) රැස්වීමට නියමිතව තිබේ.  ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, එම සාකච්ඡාවෙන් අනතුරුව බස් ධාවනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවය. මෙම සාකච්ඡාව සඳහා සියලු බස් සංගම් නියෝජිතයින් […]