අද(02) දින කොළඹ මහාධිකරණ හමුවේ දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට අධි චෝදනා භාරදීම සිදුව ඇත.
ඒ අනුව අල්ලස් කොමිසම මඟින් ගොනු කර තිබෙන මෙම අධි චෝදනා භාරදීම කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ සිදු වූ බව වාර්තා වේ.
පසුව විත්තිකරු රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප 2ක් මත මුදා හරින ලෙස විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.
එසේම මෙම නඩුව එළඹෙන්ම ජුලි මස 22 වන දින කැඳවීමට නියම කර ඇත.
2014 වර්ෂයේ ජනවාරි 1 වන දින සහ 2014 දෙසැම්බර් 31 වන දින දක්වා කාලසීමාව තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායි මිලට ලබා දීම රජයේ වියදමින් ගෙන්වන ලද බීජ බඩ ඉරිඟු කිලෝ ග්‍රෑම් 36,000ක ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්ට බලපෑම් සිදු කරමින් එළඹෙන ජනාධිපතිවරණයේදී දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් තම දේශපාලන හිතවතුන් අතර බෙදාදීම මඟින් “දූෂණය” නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මඟින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.



