චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු වන අනුද ජනාදිත් සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකු විදේශ ගමන් තහනමක් ඇතුළු දැඩි ඇප කොන්දේසි මත නිදහස් කිරීමට අධිකරණය අද (27) නියෝග කර තිබෙනවා.
ඒ ඔවුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.



