“හිටපු ජනපති මරන්න එක්නැලිගොඩ කතා කලා..”

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුව  කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ (09) කැඳවූ අවස්ථාවේදී සාක්ෂි ලබා දුන් නඩුවේ සිව්වන සාක්ෂිකරු වන හිටපු එල්ටිටිඊ සාමාජික සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් මුරලි යන අය සාක්ෂි ලබා දෙමින් හිටපු ජනාධිපති ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට  ප්‍රගීත් එක්නැලිගොඩ සාකච්ඡා කළ බව මහාධිකරණය හමුවේ කියා සිටියේය.

ඔහුගේ සාක්ෂිය අද කැඳවූ අවස්ථාවේදී මේ බව කියා සිටි සාක්ෂිකරු හබරණ දී හමූවි මෙලෙස දැනුම් දුන් බව හරස් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් කියා සිටියේය.

මෙම නඩුව, සභාපති විනිසුරු නයනා සෙනවිරත්න, නලින් හේවාවසම්, ලක්මාලි හේවාවසම් යන ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ 121/1 විජේරාම මාවත, කොළඹ 7 පිහිටි ලිපිනයේ ස්ථාපිත වූ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාගයට ගන්නා ලදී.

පසුගිය ජූලි 24 වැනිදා නඩුව කැඳ වූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා අධිකරණය හමුවේ කියා සිටියේ නඩුවේ සිව්වන සාක්ෂිකරුගේ සාක්ෂිය නැවත ලබා ගැනීමට අවශ්‍ය බවට කළ දැනුම් දීමකට අනුව සාක්ෂිය නැවත කැදවනු ලැබීය.

වැඩිදුර සාක්ෂි විමසීම ඔක්තෝබර් මස 14 තෙක් කල් තැබිය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *