හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අල්ලස් කොමිසමවිසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේ අදාළ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
අයථා වත්කම් උපයා ගැනීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා ඔහු පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ද කැදවා තිබුණා.



