හෙටත් දුම්රිය ගමන් වාර 04ක් අවලංගුයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත පස්කඳු දුම්රිය මාර්ගයට කඩා වැටීම හේතුවෙන් හා ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පිලී පැනීම නිසා අද (20) දින උඩරට මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා එල්ල විය.

මේ අතර බලන හා ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථාන අතර පස් කඳු කඩා වැටීම හා දුම්රිය මාර්ගයට ආසන්නව ස්ථාන දෙකක මාර්ගය නාය ගොස් ඇත.

මේ හේතුවෙන් අද දිනයේ දුම්රිය ගමන් වාර 18 ක් අවලංගු වූ අතර හෙට (21) උදැසන මහනුවර හා මාතලේ සිට කොළඹ කොටුව හා මාතර බලා ධාවනය වන පහත දුම්රිය 04 ද දැනට අවලංගු කිරීමට කටයුතු කොට ඇත.

04.30 මහනුවර සිට කොළඹ කොටුව

04.50 මාතලේ සිට කොළඹ කොටුව 

05.00 මහනුවර සිට මාතර

06.15 මහනුවර සිට කොළඹ කොටුව

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *