හෙළයේ කෝකිලාවිය ලතා වල්පොලගේ අවසන් කටයුතු පිළිබඳ රජයෙන් විශේෂ නිවේදනයක්

අභාවප්‍රාප්ත ශ්‍රී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් රජය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් කර ඇති පරිදි, ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කිරීමට රජය තීරණය කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කලාශූරී මහත්මිය පෙරේදා (27) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

ඇයගේ දේහය ඊයේ (28) පස්වරුවේ මහජන ගෞර ව සඳහා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මව්ශාලාවක තැන්පත් කරන ලදී. ඇයගේ අවසන් කටයුතු ලබන බදාදා (31) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබේ.

ජනතාවට මේ අවස්ථාවට සහභාගී වී ගෞරව දැක්විය හැකි බව නිවේදනයේදී දැනුම් දී ඇත.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *