14 වසරකට පසු මෙසී ඉන්දියාවට

ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසී සිය තෙදින ඉන්දියානු සංචාරය ආරම්භ කරමින් අද (13) අලුයම කොල්කටා වෙත පැමිණියේය.

මෙසීගේ පැමිණීම අපේක්ෂාවෙන් ඔහුව දැකබලාගැනීම සඳහා දහස් සංඛ්‍යාත පාපන්දු ලෝලීන් කොල්කටා ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

එමෙන්ම ඔහු නවාතැන්ගෙන සිටින කොල්කටා නුවර හෝටලය ඉදිරිපිටටද ක්‍රීඩාලෝලීන් දහස් ගණනින් රැස්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ හේතුවෙන් කොල්කටා නුවර ආරක්ෂාව දැඩි ලෙස තරගකර ඇත.

මෙසී මෙලෙස ඉන්දියාවට පැමිණියේ වසර 14කට පසුව වන අතර, ඔහුගේ ඉන්දීය සංචාරය නම් කර ඇත්තේ ‘GOAT India Tour 2025’ ලෙසින්ය.

ඉන්දියාවට පැමිණි මෙසී පිළිගැනීමේ උත්සව කිහිපයක්ම සංවිධාන කර ඇත.

එමෙන්ම අඩි 70ක් උසැති ඔහුගේ අනුරුවක්ද නිරාවරණය කර තිබේ.

මෙසී සිය ඉන්දීය සංචාරයේදී කොල්කටා, හයිද්‍රාබාද්, මුම්බායි සහ නවදිල්ලි හිදි විශේෂ උත්සව කිහිපයකට සහභාගිවීමට නියමිතව ඇත.

මේ අතර කොල්කටා නුවර අද පැවැත්වෙන ඔහු පිළිගැනීමේ උත්සවයට බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්, ඉන්දීය ක්‍රිකට් හිටපු නායක සව්රව් ගංගුලිද සහභාගිවීමට නියමිතය.

මෙසීගේ ඉන්දීය සංචාරයේදී ඔහු සමග ඡායාරූපයක් ලබාගැනීම සඳහා ක්‍රීඩාලෝලීන් 100කට අවස්ථාව සලසා දී තිබේ.

ඒ සඳහා එක් ක්‍රීඩාලෝලියෙකුගෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 10කට ආසනන් මුදලක් අයකෙරෙන අතර, එහි වටිනාකම මෙරට මුදලින් ලක්ෂ 35කට ආසන්නය.

මෙසී ඉන්දියාවේ රැඳි සිටින කාලය තුළ සුහද පාපන්දු තරග කිහිපයකට සහභාගි වේ.

සිය සංචාරය අවසන් කරමින් දෙසැම්බර් 15වනදා අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමටද නියමිතව ඇත.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *