19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අද ඇරඹේ

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලන තරගාවලිය අද (15) ආරම්භ වනවා.

තරගාවලියට සත්කාරකත්වය නැමීබියාව සහ සිම්බාබ්වේ යන රටවල් විසින් දරනු ලබන අතර කාණ්ඩ 4ක් යටතේ කණ්ඩායම් 16ක් ඒ සදහා එක්වනු ඇති.

මූලික වටයේ දී ඔස්ට්‍රේලියාව, අයර්ලන්තය සහ ජපානය සමගින් ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතයි.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අනිද්දා ජපානය සමග තරග පැවැත්වෙනු ඇති.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *