ඖෂධ හිඟයට පිළියම් සෙවීමට නීති බාධා වෙලා

රටේ පවතින ඖෂධ හිඟයට පිළියම් සෙවීමේදී ඇතැම් නීතිරීති හා රෙගුලාසි බාධාවක් වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ පිහිටි විපස්සි බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. රජයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබියදීත්, එම නීතිරීති වෙනස් කිරීමට නොහැකිද යන්න යමෙකුට ගැටලුවක් සේ පෙනුනද, මේ […]

ප්‍රංශ අගමැති ඉල්ලා අස්වෙයි

ප්‍රංශ අගමැති සෙබස්තියන් ලෙකෝර්නු ඉල්ලා අස්වී තිබේ. ෆ්‍රැන්කොයිස් බයිරූගේ පෙර රජය බිඳ වැටීමෙන් පසු ලෙකෝර්නු අගමැති ධුරයට පත් වී දින 26ක් ඇතුළත මෙම තීරණ ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි. අද (06) උදෑසන ලෙකෝර්නු, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැයක කාලයක් මුණගැසීමෙන් පසු එලිසී මාළිගයෙදී අගමැතිවරයා මෙලෙස ඉල්ලා අස්වූ බව මෙලෙස නිවේදනය කළේය.

මහින්ද ද්‍රෝහියෙක්.. එල්ලලා මරන්න ඕනේ.. – SF

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දැඩි පියවර ගත යුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතර පැවති උත්සවයකදීය. “මේ රටේ දූෂිත ජාලයක් තියෙනවා. ඒ දූෂිත ජාලය ජාත්‍යන්තර වශයෙනුත් ඉදිරියට ගෙනිහිල්ලා පාලනය කරන්නේ මේ රටේ රාජපක්ෂවරු. මහින්ද රාජපක්ෂලාට තියෙන වරප්‍රසාද කපලා ගෙදර භාරදෙන්න කියලා තියෙනවා. මම දැක්කා ඊයේ ටිවී […]

LPL සටනට ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර සඳහා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩාකරන ක්‍රීඩකයින් සහභාගී වන බව LPL සංවිධායකයින් නිවේදනය කර තිබේ. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වන අදියර සඳහා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩාකරන ක්‍රීඩකයින් සහභාගී වන බව LPL සංවිධායකයින් නිවේදනය කර තිබේ. ඉන්දීය කණ්ඩායමේ දැනට ක්‍රීඩාකරන ක්‍රීඩකයින් මෙලෙස ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි සඳහා සහභාගී වන්නේ පළමු වරටය. […]

දොළුවම නිහඬ කල මාරක අනතුර

පොහොය දිනයේ සිල් සමාදන්ව සිටි කාන්තාවන් තිදෙනෙක් මෝටර් රථයක ගැටී ජීවිතක්ෂයට පත්වීමේ අනුවේදනීය පුවතක් ගම්පොළ දොළුව ප්‍රදේශයෙන් අද (06) වාර්තාවුණි. මෝටර් රථය පැදවූ කාන්තාවගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බවට පොලීසිය සැක පළ කරයි. අනතුරට ලක්වූයේ වප් පොහෝදා ගම්පොළ දොළුව ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේ සිල් සමාදන්ව සිටි වැඩිහිටි කාන්තාවන් සිව්දෙනෙකි. එම කාන්තාවන් දහවල් දානය ගෙන සනීපාරක්ෂක […]

හැමදාම කිය කිය ඉන්නේ නැතුව තාජුඩීන් ඝාතන පරීක්ෂණ අවසන් කරන්න – නාමල් රාජපක්ෂ

රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය පිළිබඳව පරීක්ෂණ හැමදාම ප්‍රසිද්ධියේ කතා කරමින් සිටිනවා වෙනුවට, එම කටයුතු කඩිනමින් අවසන් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, දේශපාලන වාසියක් සඳහා ආණ්ඩුව මෙම පරීක්ෂණ යොදා ගන්නේ නම් එය වැරදි බවත්, සත්භාවයෙන් සොයා බලනවා නම් එය […]

හිටපු ජනාධිපති ජීවිත අවදානමක ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිට පැමිණිල්ලක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සපයා තිබූ පහසුකම් ඉවත් කිරීමත් සමග ඔහුගේ ආරක්‍ෂාව අනතුරට ලක්ව ඇති බවට ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කර ඇත. ඒ අනුව හෙට දිනය තුළ ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිවරයා ප්‍රමුඛ පොලිස් ප්‍රධානීන් වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු […]

විනිසුරු මාරුව සම්බන්ධව විපක්ෂය තේරීම් කාරක සභාවක් ඉල්ලයි

අධිකරණ විනිසුරුවරුන්ගේ මාරු කිරීම් සහ උසස් කිරීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටීමේ යෝජනාව ලබන පාර්ලිමේන්තු සතියේදී කථානායක ජගත් වික්‍රමරත්න ට භාර දීමට සමගි ජන බලවේගය සූදානම් වේ. සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේ, ඒකාබද්ධ විපක්ෂයේ සියලුම පක්ෂ නියෝජිතයින්ගේ අත්සනින් යුතුව මෙම යෝජනාව කථානායකවරයාට භාර දෙන බවයි. […]

උඩුනුවර සමූපකාර ජන්දයෙන් ඒකාබද්ධ විපක්ෂයට ජය

උඩුනුවර සමූපාකාර සමිතියේ සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී ඒකාබද්ධ විපක්ෂය වැඩි ඡන්ද 09 කින් ජයග්‍රහණය කර තිබෙනවා. ජාතික ජනබලවේගයට මෙහිදී එකම ඡන්දයක් හෝ ලබා ගැනීමට නොහැකි වීම විශේෂත්වයක්. මෙම ඡන්දය ජයග්‍රහණය කිරීමට ජාතික ජනබලවේගය විවිධ ක්‍රියාමාර්ග ගත්තද, විපක්ෂය ඒකාබද්ධ වීමෙන් ඔවුන්ට අන්ත පරාජයක් අත්කර දීමට හැකිවූ බවයි සමගි ජනබලවේගයේ උඩුනුවර ආසන […]

සිඩ්නි නගරයේ වෙඩි තැබීමක්

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වීදියක සිදු වූ වෙඩි තැබීමකින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වන බව ද සඳහන් වන අතර විදෙස් මාධ්‍ය පවසන්නේ ඊයේ (05) රාත්‍රී 7.45 ත් 9.30 ත් අතර කාලය තුළ ක්‍රොයිඩන් පාර්ක්හිදී වෙඩි උණ්ඩ 100 ක් පමණ නිකුත් වන්නට […]