ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වීදියක සිදු වූ වෙඩි තැබීමකින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වන බව ද සඳහන් වන අතර විදෙස් මාධ්‍ය පවසන්නේ ඊයේ (05) රාත්‍රී 7.45 ත් 9.30 ත් අතර කාලය තුළ ක්‍රොයිඩන් පාර්ක්හිදී වෙඩි උණ්ඩ 100 ක් පමණ නිකුත් වන්නට ඇති බවයි.
වෙඩි තැබීම සම්බන්ධයෙන් 60 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, සිද්ධියෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයන් 16 දෙනෙකුට පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.



