LPL සටනට ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර සඳහා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩාකරන ක්‍රීඩකයින් සහභාගී වන බව LPL සංවිධායකයින් නිවේදනය කර තිබේ.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වන අදියර සඳහා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩාකරන ක්‍රීඩකයින් සහභාගී වන බව LPL සංවිධායකයින් නිවේදනය කර තිබේ.

ඉන්දීය කණ්ඩායමේ දැනට ක්‍රීඩාකරන ක්‍රීඩකයින් මෙලෙස ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි සඳහා සහභාගී වන්නේ පළමු වරටය.

මීට පෙර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි සඳහා ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා ලද ඉන්දීය ක්‍රීඩයින් ක්‍රීඩා කර තිබුණි.

එසේ වන්නේ, ඉන්දිය සංචිත ගත හෝ IPL සඳහා ක්‍රීඩා කරන ඉන්දීය කිසිදු ක්‍රීඩකයෙකුට ලෝකයේ වෙනත් ක්‍රිකට් ලීගයක් සඳහා සහභාගී වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය අවසර ලබානොදීම හේතුවෙනි.

‍ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර දෙසැම්බර් 1 වනදා ආරම්භ වීමට නියමිතය.

එළැඹෙන 2026 විස්සයි20 ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙස මෙම කාල සීමාවේ තරගාවලිය පැවැත්වෙන බව තරග සංවිධායකින් පවසයි.

විස්සයි20 තරගාවලි රටාවේ ලීග් තරග 20ක් සහ පිළිමළුන් පිටුදැකීමේ තරග 4ක් ඇතුළුව මුළු තරග 24ක් ඇතුළත්ය.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියරය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයන් වලදී පැවැත් වෙයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *