හික්කඩුවේ වෙඩිතැබීමක්

හික්කඩුව මාවතගම ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතබා පලාගොස් ඇති බව වාර්තා වෙයි.

වෙඩිතැබීමෙන් ජීවිත හානි කිසිවක් වාර්තාවී නොමැති අතර
වෙඩි ප්‍රහාර 4ක් පමණ එල්ලකර තිබෙන බවත් නිවසේ බිත්තියට සහ ජනේලයකට වෙඩි ප්‍රහාර වැදී ඇති බවත් පැවසෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *