පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් බ්‍රිතාන්‍යයෙන් සරණාගතභාවය ඉල්ලයි

පුද්ගලයන් 269 දෙනෙකු ඝාතනය කළ පාස්කු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පොලිසිය ප්‍රශ්න කරන ලද සැකකරුවෙකු එක්සත් රාජධානියේ (UK) සරණාගතභාවය ඉල්ලා ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා. මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවෙන් එරටට පැමිණි අයෙක් වන අතර, ඔහුගේ නම මාධ්‍යට හෙළිකර නොමැත. 2019 පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් […]
මහ බැංකු ලොක්කෙකුගේ නිවසට හොරු පැනලා

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකුගේ නිවසක් බිඳ භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. රත්මලානේ පිහිටි නිවසෙන් රුපියල් ලක්ෂ හත හමාරක පමණ භාණ්ඩ සොරකම් කිරීමට ලක්ව ඇති බවද පැවසෙයි. නිවසේ තිබූ විදුලි පංකා, ප්‍රෙශර් කුකර්, වයර් රෝල්, වතුර මෝටර්, සරණේරු ඇතුළු උපකරණ මෙසේ සොරකම් කරගෙන ගොස් ඇත.
පහළ කඩුගන්නාව මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

නායයෑමට ලක්වූ කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ එක් මංතීරුවක් වාහන ගමනාගමනය සඳහා නැවත විවෘත කර තිබේ. පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට 22 වැනිදා පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් අනතුරක් සිදු වූ අතර ඒ අනුව මෙම මාර්ගය වසා දැමීමට පියවර ගැනුණි.
පුද්ගලයින් 365,951ක් විරැකියාවෙන්

වර්තමානය තුළ මෙරට පුද්ගලයින් තුන්ලක්ෂ හැටපන්දහස් නවසිය පනස් එකක (365,951) පිරිසක් රැකියා විරහිතභාවයෙන් පෙළෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (26) පාර්ලිමේන්තුවේ දී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව සඳහන් කර සිටියාය. 2024 ශ්‍රම බලකා වාර්තාවට අනුව 2024 වසරේ 4.5ක් වූ පළමු කාර්තුවේ විරැකියා අනුපාතය 2025 […]
ඇල්ලූ මත්ද්‍රව්‍ය වහා විනාශ කරන්න

අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය කඩිනමින් විනාශ කිරීම සඳහා නව නීති සම්පාදනය කරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අධිකරණ අමාත්‍යාංශයේ බලධාරීන්ට දැනුම් දුන්නේය. එමෙන්ම විෂ උවදුරට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට විධිමත් විද්‍යාත්මක වැඩසටහනක් සකස් කරන්නැයිද ජනාධිපතිවරයා රටම එකට ජාතික සභාවට උපදෙස් දුන්නේය. විෂ මත් උවදුර තුරන් කිරීම සඳහා ගොඩනඟන ලද ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ දෙවන සැසිය […]