හිටපු කතානායක අශෝක රන්වල අත්අඩංගුවට

හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගෙන තිබේ. අන්ත්‍රාදායක ලෙස රිය පැදවීම සහ අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පොලීසිය සඳහන් කළේය.

T20 දිගම ඕවරයේ වාර්තාව අර්ෂ්දීප් සිංට

ඉන්දියානු කණ්ඩායමේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක අර්ෂ්දීප් සිං (Arshdeep Singh) ඊයේ (11) මුල්ලන්පූර්හිදී පැවැත්වුණු දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන පන්දුවාර 20 තරගයේදී අවාසනාවන්තම වාර්තාවකට හිමිකම් කියමින් දැඩි කතාබහට ලක්වූවා. දකුණු අප්‍රිකානු ඉනිමේ 11 වන පන්දුවාරය යැවීමට පැමිණි අර්ෂ්දීප්, එම පන්දුවාරයේදී අතිශයින්ම පාලනයකින් තොර පන්දු යැවීමකුයි පෙන්නුම් කර ඇත්තේ. පන්දුවාරය ආරම්භයේදී ක්වින්ටන් ඩි කොක් පළමු පන්දුවටම […]

පා.ම. අශෝක රන්වල මුහුණදුන් අනතුර ගැන විමර්ශනයක්

හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ධාවනය කළ ජීප් රථය තවත් මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිස් ස්ථානය විමර්ශනයක් ආරම්භ කර තිබේ. අද (12) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා මේ බව පැවසීය. ඔහු පවසා සිටියේ, අනතුරින් තුවාල ලැබූ දෙදෙනෙක් කොළඹ ජාතික […]

”රාත්‍රි‍යේ නුවරඑළියට පිවිසෙන මාර්ගවල වාහන ධාවනය අවදානම්”

රාත්‍රී කාලයේ නුවරඑළියට පිවිසෙන කිසිදු මාර්ගයක රථවාහන ධාවනය නොකරන ලෙසට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. ඊයේ (11) පස්වරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි මාධ්‍යට අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරිය ඒ බව පවසා සිටියා. වාහන ධාවනයට විවෘත කරල ලද ගම්පොළ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කටු කිතුල ප්‍රදේශයේදී ආපසු ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇති බවත්, […]

කල් දැමූ GIT විභාගය ජනවාරි 11

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කල් දමන ලද 12 වන ශ්‍රේණියේ සිසුන්ට අදාළ 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය පැවැත්වෙන නව දිනය විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර ඇති පරිදි, එම විභාගය 2026 ජනවාරි මස 11 වන ඉරිදා දින පැවැත්වීමට නියමිතයි. එමෙන්ම, ආපදාවට ලක්වූ පාසල් අයදුම්කරුවන් හට තම විභාග මධ්‍යස්ථානයේදී […]

“අනවශ්‍ය ගමන් බිමන් යන්න එපා.. අපි ඉන්නේ අනතුරුදායක තත්ත්වයක”

දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 33කට මේ වනවිට නිකුත් කර තිබූ නායයෑම් ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කළ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි. පසුගිය දින කිහිපය තුළ බදුල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවු වර්ෂාවක් ලැබීම හේතුවෙන් මෙම නායයෑම් රතු නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ, ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ […]

රේල්ලුවේ පරණ යකඩ කෝටි 89කට විකුණයි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින අබලි ලෝහ බැහැර කිරීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇතැයි ඊට අදාළව නිකුත් කළ කැබිනට් පත්‍රිකාවේ දැක්වේ. ඒ අනුව, ලංසුකරුවන් 11 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇති බව එහි සඳහන් වෙයි. අදාළ ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව […]

ජපානයේ ප්‍රබල භූමිකම්පාවක්

ජපානයේ ඊසානදිග ප්‍රදේශයට රික්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූමිකම්පාවක් අද (12) පෙරවරුවේ ඇතිව තිබේ. අමෝරි ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් එරට වේලාවෙන් පෙ.ව. 11:44 පමණ කිලෝමීටර 20ක් (සැතපුම් 12) ගැඹුරකින් මෙය ඇතිව ඇත. සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරමින් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය දන්වා ඇත්තේ, මේ හේතුවෙන් මුහුදු රළ මීටර් 1 (අඟල් 39)ක් දක්වා ඉහළ යා හැකි බවය. පසුගිය […]

Telegram හරහා මුදල් වංචා කළ සැකකරු අත්අඩංගුවට

පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් උප ඒකකය විසින් අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමට හැකි බව පවසමින් වංචනික ලෙස ගිණුමකට මුදල් බැර කරගැනීමක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව ලැබී තිබූ පැමිණිල්ලකට අනුවය. සිදුකරන ලද විමර්ශනයේදී, පැමිණිලිකරු රවටා  Telegram සමූහයක් වෙත සම්බන්ධ කරගනිමින් රුපියල් 6,860,000ක මුදලක් වංචා කර ඇති […]

මත්පැන් බලපත්‍ර ගාස්තු සියයට සියයකින් ඉහළට

සියලු‍ම මත්පැන් බලපත්‍ර ගාස්තු අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි සියයට සියයකින් පමණ ඉහළ දමා තිබෙනවා. ඒ ජනාධිපතිවරයා විසින් පසුගිය 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට අනුවයි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර එහි දැක්වුණේ වාර්ෂික සුරාබදු ගාස්තුව, ආරක්ෂිත ඇප තැන්පතු මුදල, කර්මාන්ත ප්‍රවේශය සඳහා එක්වරක් අයකරනු […]