Telegram හරහා මුදල් වංචා කළ සැකකරු අත්අඩංගුවට

පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් උප ඒකකය විසින් අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමට හැකි බව පවසමින් වංචනික ලෙස ගිණුමකට මුදල් බැර කරගැනීමක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව ලැබී තිබූ පැමිණිල්ලකට අනුවය.

සිදුකරන ලද විමර්ශනයේදී, පැමිණිලිකරු රවටා  Telegram සමූහයක් වෙත සම්බන්ධ කරගනිමින් රුපියල් 6,860,000ක මුදලක් වංචා කර ඇති බවත් වංචාකරන ලද මුදලින් රුපියල් 500,000ක මුදලක් සැකකරු තම බැංකු ගිණුමට බැර කරගෙන ඇති බවත් අනාවරණය වී ඇත.

සැකකරු වයස අවුරුදු 31ක් වන වැලිපැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් උප ඒකකය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *