ගන්දරින් මුහුදු ගිය ‘දිනුක පුතා’ ළඟ රු. කෝටි 200ක මත්ද්රව්ය

දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්රාවේ තිබී හෙරොයින් කිලෝග්රෑම් 21කට අධික ප්රමාණයක් සහ අයිස් කිලෝග්රෑම් 172ක් සොයාගෙන තිබේ. මෙම මත්ද්රව්ය තොගයේ වටිනාකම රු කෝටි 200කට ආසන්න බව ආරක්ෂක නියෝජ්ය අමාත්ය අරුණ ජයසේකර මහතා පවසයි. ගන්දර ප්රදේශයෙන් පසුගිය 09වනදා ධීවරයින් 05 දෙනෙකු සමග මුහුදු ගිය අදාළ ධීවර යාත්රාව මත්ද්රව්ය […]
අර්ච්චුනා පොලීසියට භාරවෙයි

පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්ච්චුනා මහතා කොටුව පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. රාමනාදන් අර්ච්චුනාට ඊයේ (23) කොටුව මහෙස්ත්රාත් අධිකරණය විසින් වරෙන්තු නිතුත් කර තිබුණි. ඒ නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි. https://youtu.be/pVOCxM0oBdo
ඉන්දීය අගමැති මෝදීගෙන් ජනපති අනුරට විශේෂ ලිපියක්

‘දිට්වා’ සුළි කුණාටුව සමග පැන නැඟුණු අභියෝගවලට මුහුණ දීමෙන් අනතුරුව ශ්රී ලංකාව මීළඟ අදියර කෙරෙහි අවධානය යොමු කරන බැවින්, විශ්වාසවන්ත පාර්ශ්වකරුවෙකු සහ විශ්වාසදායක මිතුරෙකු ලෙස ඉන්දියාව හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි සහතික වී තිබෙනවා. ඉන්දීය අග්රාමාත්යවරයා විසින් එරට විදේශ කටයුතු අමාත්ය ආචාර්ය එස්. ජයශංකර් මාර්ගයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත එවා […]
වරාය ලොක්කෙක් බිමල්ට විරුද්ධව නඩු මඟට

ශ්රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්යක්ෂ ධුරයෙන් තමන්ව ඉවත් කිරීමට විෂයභාර අමාත්යවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ප්රභාත් මලවිගේ මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබා දී ඇත. ඒ අනුව අඳාළ ඉවත් කිරීමේ නියෝගය බල රහිත කරන මෙන් ඉල්ලා ගොනුකළ මෙම පෙත්සම සලකා බැලූ අධිකරණය, එහි වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීමට ද […]
දිට්වා නිසා ලක්ෂ 4කට රැකියා අහිමි වෙයි

නොවැම්බර් මස අග භාගයේදී ශ්රී ලංකාවට කඩාවැදුණු ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නාය යෑම් නිසා මෙරට රැකියා නියුක්තිකයන් 374,000කට පමණ සිය ජීවනෝපාය අහිමි වී හෝ දැඩි බලපෑමකට ලක්ව ඇති බව ජාත්යන්තර කම්කරු සංවිධානය (ILO) පවසනවා. බලපෑමට ලක්වූ රැකියා නියුක්තිකයන් නැවත රැකියා අවස්ථා නොලැබුණහොත් මසකට අමෙරිකානු ඩොලර් මිලියන 48ක (රුපියල් බිලියන 14කට අධික) […]
මාලිමා මන්ත්රී සම්බන්ධ සිද්ධියේ කොස්තාපල්ගේ වැඩ තහනම්

ඇප මත මුදා හරින ලද සූරියකන්ද පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. මොහු චෝදනා තුනක් මත අත්අඩංගුවට ගනු ලැබ සිට පසුව ඇප මත මුදා හැරියා. NPP පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත පද්ම කුමාර විසින් තමාට පහර දුන් බවටද ඔහු චෝදනා කරමින් සිටියා. මෙසේ රාජකාරි වැඩ තහනම් කර තිබෙන්නේ පොලිස් කොස්තාපල් හෙට්ටිආරච්චිගේ සුසන්ත වීරසේන හෙට්ටිආරච්චි නමැත්තාගෙයි. මොහු පොලිස් […]
කොළඹින් ගමට යන්න අද සිට විශේෂ බස්

උත්සව සමය වෙනුවෙන් විශේෂ අමතර බස්රථ සේවා ක්රියාත්මක කරන බව ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්රකාශ කළා. එහි සභාපති සජීව නන්දන කණකරත්න ඊයේ ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ මෙම බස් රථ සේවාව මේ මස 27 වැනිදා දක්වා ක්රියාත්මක බවයි. මේ අතර, උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම දුම්රිය ධාවනයට විවෘත කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, […]