“මෙවර ලෝක කුසලානයේ පෙරළිකාරයෝ ශ්‍රී ලංකාවයි”

ලබන පෙබරවාරි මාසයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත 2026 ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ දෙනා බලාපොරොත්තු වන මට්ටමට වඩා ඉහළ දස්කම් දක්වනු ඇතැයි එංගලන්ත හිටපු නායක, ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක නසාර් හුසේන් පවසනවා. ශ්‍රී ලංකා කණ්ඩායම සතු ස්ථාවර ක්‍රීඩක පිරිස සහ එරට පවතින ශක්තිමත් යොවුන් ක්‍රිකට් ව්‍යුහය මෙම […]
ඩයනාට එරෙහි නඩුවක් කල් යයි

විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරිම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම යන චෝදනා යටතේ හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබෙන නඩුව අද (26) කැඳවනු ලැබුවා. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඉදිරියේයි. […]
පියතුමාට පහර දුන් පොලිසියේ හයදෙනා යළි රිමාන්ඩ්

කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් හය දෙන ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ, ඔවුන් අද (26) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. ලබන 29 වැනිදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සිදු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
දයාසිරි ජයසේකරට ලොකු ප්‍රශ්ණයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභික එච්.එම්.පී. හේරත් මහතා විසින් හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බැවින්, ඔහුට එරෙහිව වහාම විනය පියවර ගන්නා ලෙස එම පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කර ඇත. එච්.එම්.පී. හේරත් මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ලිපියක් යොමු […]
“අන්දරේගේ කතාවලට මිනිස්සු හිනා වෙවී අත්පුඩි ගැහුවා.. අන්තිමේ අන්දරේ රජවුනා..”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවතින ආණ්ඩුව තමන්ගේ පැවැත්ම වෙනුවෙන් රටේ සංස්කෘතියට, ආගමට සහ නීතියට පටහැනිව කටයුතු කරන බව පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, “ලාල් කාන්ත මහතා කෝට් එකට ගහනවා යැයි කීමෙන් අදහස් කළේ රටේ පවතින නීතියට […]
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට චෝදනාවක්

සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පෙර පැවති සාකච්ඡාවලදී සිය යෝජනා සමග ඔහු ලිඛිතව එකඟ වූ බවත් නමුත් පොරොන්දු වූ පරිදි එය ක්‍රියාත්මක කිරීමට අපොසත්වීම නිසා මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹීමට සිදු වූ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් රෝගී සත්කාර […]
කර්මාන්ත නියෝජ්‍ය ඇමති කරදරේක පැටලිලා

තමන් ලෙස පෙනී සිටිමින් මූල්‍ය වංචා කරන පුද්ගලයෙකු පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා. සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ ව්‍යාජ පුද්ගලයෙකු විවිද දුරකතන අංක ඔස්සේ මහජනතාවගෙන් සහ ව්‍යපාරිකයින්ගෙන් තමන් ලෙස පෙනි සිටිමින් මෙලෙස මුදල් ලබාගෙන ඇති බවයි. මෙවැනි පුද්ගලයන්ට කිසිදු මුදලක්, […]
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩතහනමට සජිත්ගේ විරෝධය

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාට කරුණු දැක්වීමට හෝ අවස්ථාවක් පවා ලබා නොදී ඔහුගේ සේවය අත්හිටුවීමට කථානායකවරයා ගෙන ඇති තීරණය දැඩි කනස්සල්ලට කරුණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. තම නිල X ගිණුම හරහා විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රේමදාස මහතා අවධාරණය කරන්නේ, ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකදී නිලධාරියෙකුට දඬුවම් කිරීමට පෙර ඔහුට සවන් දීම හෙවත් ‘අනෙක් පාර්ශවයටත් සවන් දීම’ අනිවාර්ය […]
නාමල් හා ශිරන්ති CIDයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ සමඟ ඇති බවට චෝදනා එල්ල වන සබඳතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නාමල් මහතාට මෙලෙස දැනුම් දී තිබේ. මේ අතර, ඔහුගේ මව හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන […]
“ඔයා බෲස් ලී නම්, මම මයික් ටයිසන්”

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ප්‍රසිද්ධ රැස්වීමකදී අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තට දැඩි අභියෝගයක් නිකුත් කරමින්, අමාත්‍යවරයාට ආරෝපණය කර ඇති ප්‍රකාශවලට ප්‍රතිචාර වශයෙන්, “ඔබ බෲස් ලී නම්, මම මයික් ටයිසන්” යැයි ප්‍රකාශ කළේය. රැස්වීම අමතමින් දසනායක, ශාරීරික ශක්තිය සහ ගැටුම්කාරී දේශපාලනය සම්බන්ධයෙන් ලාල්කාන්ත කළ බවට වාර්තා වන ප්‍රකාශවලට ප්‍රතිචාර දැක්වීය. ලාල්කාන්ත සටන් කලා නිරූපකයෙකු වන බෲස් […]