දයාසිරි ජයසේකරට ලොකු ප්‍රශ්ණයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභික එච්.එම්.පී. හේරත් මහතා විසින් හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බැවින්, ඔහුට එරෙහිව වහාම විනය පියවර ගන්නා ලෙස එම පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කර ඇත.

එච්.එම්.පී. හේරත් මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදුකර ඇත.

පක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ, මධ්‍යම කාරක සභාවේ කිසිදු අනුමැතියකින් තොරව පක්ෂ අරමුදල් වෙනත් දේශපාලන පක්ෂවල සාමාජිකයන්ගේ ඇප මුදල් තැන්පත් කිරීම සඳහා යෙදවීම. මහලේකම් ධුරයෙන් ඉවත් කර සිටි වකවානුවක සහ පක්ෂයේ කටයුතු අක්‍රීය මට්ටමක පැවති පසුබිමක, 2024 මහමැතිවරණය වෙනුවෙන් පක්ෂයේ පොදු අනුමැතියකින් තොරව මහලේකම්වරයා ලෙස පෙනී සිටිමින් විවිධ ගිවිසුම්වලට අත්සන් තැබීම. හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දයාසිරි ජයසේකර මහතා වෙත මීට පෙර ලබා දී ඇති චෝදනා පත්‍රයට අනුව, ඔහුට එරෙහිව විධිමත් විනය පරීක්ෂණයක් පවත්වා දඬුවම් පමුණුවන ලෙස ද එම ලිපිය මගින් අවධාරණය කර ඇත.

පක්ෂයේ අභ්‍යන්තර විනය සහ මූල්‍ය විනිවිදභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම පියවර ගැනීම අත්‍යවශ්‍ය බව විධායක සභික එච්.එම්.පී. හේරත් මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *