අනුර පරදිනවා කියපු පිල්ලෙයාන්ගේ මල්ලි එක්ක CIDය ගැටිලා

රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් මහතා සහ පොලිස් නිලධාරීන් අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුවක් පිළිබඳව ඔහුගේ නීතිඥවරයා ලෙස පෙනී සිටින උදය ගම්මන්පිල මහතා ප්‍රකාශයක් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ ඔහු කියා සිටියේ, පසුගිය සති දෙකකට පමණ පෙර පිල්ලෙයාන් මහතාගේ සහෝදරයා ඔහුව බැලීමට පැමිණි අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවී ඇති […]
“මිනී පෙට්ටියේ දිග පළල ඇහුවා, මගේ ජීවිතයටත් තර්ජනයක්..”

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ චූදිත හමුදා බුද්ධි නිලධාරියෙකුට උසස්වීම් ලබාදීමට එරෙහි වීම නිසා තමන්ට මරණීය තර්ජන එල්ල වෙමින් පවතින බව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පවසනවා. අද (05) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඇය මේ බව සඳහන් කළා. එහිදී ඇය කියා සිටියේ, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ නඩුවේ චූදිතයෙකු වන එරන්ත රදීස් පීරිස් නමැති නිලධාරියාට බ්‍රිගේඩියර් තනතුරට උසස්වීම් ලබාදීමට එරෙහිව […]
නව විගණකාධිපතිනිය, රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දෙයි

නව විගණකාධිපති සමුදිකා ජයරත්න, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඉදිරියේ අද (05) පාර්ලිමේන්තුවේදී රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදී තිබෙනවා. ජාතික විගණන පනතේ 9 වැනි වගන්තිය ප්‍රකාරව ජාතික විගණන කාර්යාලයේ විගණකාධිපති සහ විගණන සේවා කොමිෂන් සභාවේ සභාපති ලෙස ඇය මෙසේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දීම සිදු කෙරුණා. මෙරට 42 වැනි විගණකාධිපති ලෙස පත්වූ ඇය, එම ධුරයට පත් ප්‍රථම […]
මත්පැන් මිල පහළට?

අද (5) රැස්වූ පාර්ලිමේන්තුවේදී දේශීයව නිෂ්පාදනය කරන ලද මත්පැන් වල මිල අඩු කිරීම සලකා බලන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන රජයෙන් ඉල්ලා සිටියේය. පාර්ලිමේන්තුවේදී කතා කරමින් රෝහිත අබේගුණවර්ධන විසින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතාගෙන් අලෙවි කරන ලද මත්පැන් ප්‍රමාණය සහ ජනනය කරන ලද සුරාබදු ආදායම පිළිබඳව ප්‍රශ්න කළේය. “සාමාන්‍යයෙන් ‘ගල්’ ලෙස හඳුන්වන මෙම බෝතලයට […]
අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතියට යළි අවසර ලැබෙයි ද ?

අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියට මධ්‍යම පරිසර අධිකාරිය අනුමැතිය ලබාදී තිබියදී ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් මහජන අදහස් ලබා ගැනීම අවහිර කර ඇති බවත්, පුවත්පත් දැන්වීම් පල කර නැති බවත්, ගැසට් පත්‍රයේ පල කර නැති බවත් අනාවරණය වී තිබෙනවා. ඒ, ඊයේ (04) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් අම්බුළුවාව කන්ද […]
ගුරු සේවයට ගන්න අයදුම්පත් කැදවීම ගැන දැනුම්දීමක්

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩුවලට බඳවා ගැනීම් සදහා පැවැත්වෙන තරඟ විභාගයට රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ අද (05) සිට අයදුම් කිරීමට හැකියාව තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 09.00 සිට මේ මස 19 වැනිදා පස්වරු 09.00 දක්වා ඒ සඳහා අයදුම් කිරීමට හැකියාව පවතිනවා. එමෙන්ම, රාජ්‍ය සේවයේ නිරත නොවන උපාධිධාරීන්ද ගුරු පුරප්පාඩුවලට […]
“මගේ වයස 70ක්.. සෙන් බීටා පරපුරට පක්ෂය බාර දෙන්න කාලය හරි..”

ස්මාර්ට් දේශපාලනය (Smart Politics) වැලඳගත හැකි නව පරපුරේ නායකත්වයක් සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙමින් සිටින බව පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සිරිකොතේදී පැවැති ‘SMART UNP’ ඩිජිටල් වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාව ඊයේ(04) පැවති අතර එහිදි ඔහු මේ බව සඳහන් කළා. තම වයස 70 ඉක්මවා තිබෙන බවත් වයස 60 සහ […]
හිරේට ගිය මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුවට දුන් නියෝගය

2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා කැරම්බෝඩ් සහ දාම් ලෑලි ආනයනය කර බෙදා හැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන මහත්වරුන්ට විරුද්ධව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර […]
ASP ඕලුගල ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. පසුගිය ජනවාරි 30 වැනිදා රාත්‍රියේ ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මුලින්ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල වෙත ඇතුළත් කර තිබුණි. එහිදී ඔහුගේ තත්ත්වය පරීක්ෂා කළ විශේෂ වෛද්‍ය […]
ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනා කිරීමට අද සිට අවස්ථාව

ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව අද (05) සිට මෙරට සැදැහැවත් ජනතාවට හිමි වේ. හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැනැපත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේ අද (05) අලුයම 6.00 සිට ලබන 11 වන දින පෙරවරු 7.00 දක්වා වැද පුදා ගැනීමට සැදැහැවත් ජනතාවට අවස්ථාව හිමිවනු ඇත. ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අරවල්ලි […]