චාමික කරුණාරත්නට එරෙහි පීතෘත්ව නඩුවට නියෝගයක්

ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව ගොනු කර ඇති පීතෘත්ව නඩුවකට අදාළව, DNA පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පල ලබාගැනීමට නියෝගයක් ඉල්ලා ඉදිරිපත් කළ පැමිණිල්ලේ ලිඛිත කරුණු දැක්වීම් මැයි මස 13 වැනිදා ඉදිරිපත් කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (31) නියෝග කළා. මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති ගුවන් සේවිකාවක වන පෙරමුණේලාගේ රසිකා සෙව්වන්දි මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ, තම […]

“පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වෙන කවුරුවත් නෙවෙයි සහරාන්”

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවේ මහ මොළකරු සහරාන් හෂිම් බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල අද(31) අවධාරණය කළා. ඔහු මේ බව සඳහන් කළේ ඔහු විසින් රචිත පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම කෘතිය ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. අද සවස මෙම ජනගත කිරීමේ උත්සවය පැවැත්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. හිටපු […]

හෙට ඔත්තේ සහ ඉරට්ටේ දෙකටම තෙල්

හෙට (01) දිනයේ එනම් අප්‍රේල් 01 වෙනිදා ඔත්තේ සහ ඉරට්ටේ යන අංක දෙකම සහිත රථ වාහන සඳහා ඉන්ධන ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසුවේ අද (31) සහ හෙට (01) දෙදිනම ඔත්තේ දිනයන් වීම හේතුවෙන් මෙලෙස හෙට දිනයේ ඉරට්ටේ අංක යෙදෙන රථ වාහනවලට ඉන්ධන ලබාදීමට කටයුතු කරන […]

“වරද පිළිගන්නම් නඩුව අයින් කරන්න..”

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියං­කර ජය­රත්නට එරෙ­හිව අල්ලස් කොමිසම විසින් පව­රන ලද නඩුව, වරද පිළි­ගැ­නීම හෝ අල්ලස් කොමි­සම නියම කරන වෙනත් කොන්දේසි සම්පූර්ණ කිරීමේ එක­ඟ­තාව යටතේ ඉල්ලා අස්කර ගන්නා ලෙස විත්තිය විසින් කළ ඉල්ලී­ම අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව ප්‍රති­ක්ෂේප කර තිබෙනවා. හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂගේ පදවි ප්‍රාප්තිය නිමි­ති කර ගනිමින් පව­ත්වන […]

ජී.එල්ගේ නිවසේ ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ රැස්වීමක්

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් සහ පක්ෂ නියෝජිතයින් රැසක්ම හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ නිවසේදී විශේෂ සාකච්ඡාවකට සහභාගි වී තිබෙනවා. ඊයේ (30) සවස 6.00 සිට රාත්‍රී 8.00 දක්වා මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ නාරාහේන්පිට චිත්‍රා පටුමගේ පිහිටි හිටපු අමාත්‍යවරයාගේ නිවසේදී. බාල ගල් අඟුරු හේතුවෙන් රටේ විදුලි නිෂ්පාදනයට සහ රටේ ආර්ථිකයට සිදුව ඇති බරපතල හානිය පිළිබඳව ජනතාව […]

“සලේ අත්අඩංගුවට ගත්තේ සාක්ෂි නැතුව..”

ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගත යුත්තේ ප්‍රමාණවත් සාක්ෂි මත පදනම්ව මිස, අත්අඩංගුවට ගැනීමෙන් පසුව සාක්ෂි සෙවීම නීති විරෝධී බව ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසනවා. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රූපවාහිනී නාලිකාවක ඊයේ (30)  පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.. ඔහු පවසන්නේ, ලංකාවේ […]

රයිස් – කොත්තු – ප්ලේන්ටි මිල ඉහළට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රු 30කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පවසා සිටියේ, කෙටි කෑම මිලද රුපියල් 10කින් ඉහළ නංවා ඇති බවය. මේ අතර ප්ලේන්ටියක් සහ කිරි තේ එකක මිල ද රුපියල් 5කින් ඉහළ දමා තිබේ.  අප්‍රේල් මස 1 වෙනිදා […]

කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි

2015 ජනාධිපතිවරණ සමයේ සතොස ආයතනය හරහා රුපියල් මිලියන 39ක රජයේ මුදල් අවභාවිත කරමින් කැරම් බෝඩ් සහ දාම් ලෑලි බෙදාහැරීමේ චෝදනාවට අදාළ නඩුවේ ඊයේ (මාර්තු 30) හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප වෙද්දී, නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් එක් විත්තිකරුවෙකු නඩුවෙන් නිදහස් කෙරිණි. ඒ අනුව මෙම නඩුවේ තෙවන විත්තිකරු ලෙස නම් […]

“ඇමතිලා ඉන්ධන කෝටාව කපා ගත්තා.. ජනතාවත් අඩු කරන්න..”

අර්බුදකාරී වාතාවරණය හමුවේ මහජනතාවට ආදර්ශයක් වෙමින්, සියලුම අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් තමන්ට හිමි ඉන්ධන ප්‍රමාණයෙන් 30% කට වඩා වැඩි කොටසක් ස්වේච්ඡාවෙන්ම කපා හැරීමට එකඟ වී ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි. දේශපාලන අධිකාරිය ගත් මෙම තීරණය අනුගමනය කරමින්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් ද තමන් භාවිතා […]

හවස තුනෙන් පස්සේ AC දාන්න එපා..

සියලුම රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත ආයතන වල වායු සමීකරණ යන්ත්‍ර පස්වරු 3න් පසුව අක්‍රීය කළ යුතු බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. පෞද්ගලික අංශයද මෙම ක්‍රමවේදය අනුගමනය කරන ලෙස අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා. ඒ සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්  ජනරාල්වරයා නිකුත් කරන ලද නිවේදනය පහතින්,