“කැබිනට් ඇමතිගේ දුව එංගලන්තේ ඩයස්පෝරාවේ ගෙදරක නැවතිලා PHD එකට ඉගෙන ගන්නවා..”

වත්මන් කැබිනට් අමාත්‍යවරයෙකුගේ දියණියක් සිය ආචාර්ය උපාධිය (PhD) හැදෑරීම සඳහා එංගලන්තයේ නිව්කාසල් ප්‍රදේශයට ගොස් ඇති බවත්, ඇය එහිදී නවාතැන් ගෙන සිටින්නේ “රාජා” නැමැති ප්‍රකට ඩයස්පෝරා ක්‍රියාකාරිකයෙකුගේ නිවසක බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අනාවරණය කළේය. අද (19) පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේය. රටක දරුවෙකු තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදේශගත වීම කිසිසේත්ම […]
හිරුණිකා අධිකරණයේදී සමාව අරන්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ආශු මාරසිංහ මහතා තම සුරතල් බලු පැටියාට වදහිංසා කළ බව පවසමින් කරදන ගමරාලලාගේ වණිතා ආදර්ශනී කරදන නැමැති කාන්තාව විසින් සමාජගත කළ ඡායාරූප සහ වීඩියෝ දර්ශන සියල්ල සම්පූර්ණයෙන්ම විකෘති කරන ලද ව්‍යාජ ඒවා බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. මෙම ව්‍යාජ දර්ශන පදනම් කරගනිමින් තමන් එදා සිදුකළ ප්‍රකාශ පිළිබඳව කණගාටුව පළ කිරීමට හිරුණිකා […]
“නැවත කිසිදා මේ පොළොවේ යුද්ධයක් ඇති නොවන බවට මම වගබලා ගන්නවා”

රණවිරුවන් විසින් මාතෘභූමිය නිදහස් කර ගැනීමේ සටනේදී ඔවුන්ගේ අරමුණ සහ ප්‍රාර්ථනාව වූයේ මාතෘභූමිය සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කර ගැනීම වන බවත් එම ප්‍රාර්ථනය ඉටු කිරීමට රජය කැපවී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (19) බත්තරමුල්ලේදී පැවැති 17 වැනි ජාතික රණවිරු සැමරුමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ මෙරට […]
කපිල චන්ද්‍රසේනගේ නිවසේත් සීසීටීවී දත්ත ගබඩා වී නෑ..

මරණයට පත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ නිවසේ ද සිසිටිවි පද්ධතිය ක්‍රියාත්මක වුවද එම දත්ත ගබඩා නොවි තිබූ බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (19)කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දැන්වූවා. සිද්ධියට අදාලව කපිල චන්ද්‍රසේන මියගිය ස්ථානයේ සහ ඔහු ජීවත් වූ නිවස ආශ්‍රිතව සීසීටීවි දර්ශන පිළිබඳ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය […]
ජාතික විජයග්‍රාහී සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන්

යුධ ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය“ අද (19) බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව තිබේ. මෙවර සැමරුම් උත්සවය සදහා පළමුවරට උතුරු නැගෙනහිර ප්‍රදේශවල දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් ද එක්වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බි.කොහොන මහතා පැවසුවේය. එහිදී අදහස් දැක්වූ රණවිරු සේවා […]
තලපති විජේට එක්වරම මුල්ලිවයික්කාල් සිහිපත් වෙයි

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජෝශප් විජේ මුල්ලිවයික්කාල් මතකයන් සිහිකරමින් සිය නිල X ගිණුමේ සටහනක් තබා තිබේ. එහි සටහන්ව ඇත්තේ, මුල්ලිවයික්කාල් හි මතකයන් සිය හදවත් තුළට රඳවා ගන්නා බවය. මුහුදෙන් එපිට ජීවත්වන අපගේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සැමවිටම එකා මෙන් පෙනී සිටින බවද සිය X පණිවුඩය මඟින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජෝෂප් විජේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
කොළඹට යන එන අයට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

අද (19) දින ජාතික රණවිරු සැමරුම් දින උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රිඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව ඇත. එම කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත රථ වාහන සැලැස්ම පිළිබඳව පොලීසිය විසින් දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ අනුව අද සවස 3.30ට සිට කොළඹින් පිටවීම පොල්දූව හන්දියෙන් සහ කොළඹට ඇතුළුවීම කියැහෑම් හන්දියෙන් රථ වාහන ගමනාගමනය […]