කොළඹට යන එන අයට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

අද (19) දින ජාතික රණවිරු සැමරුම් දින උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රිඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව ඇත.

එම කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත රථ වාහන සැලැස්ම පිළිබඳව පොලීසිය විසින් දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ අනුව අද සවස 3.30ට‌ සිට කොළඹින් පිටවීම පොල්දූව හන්දියෙන් සහ කොළඹට ඇතුළුවීම කියැහෑම් හන්දියෙන් රථ වාහන ගමනාගමනය සීමාකිරීම හා රථවාහන පහත විකල්ප මාර්ග වෙත යොමු කිරීම අවස්ථානුකූලව සිදුකරනු ලබයි. 

විකල්ප මාර්ග :-

 *පාර්ලිමේන්තු මාර්ගය හරහා කොළඹ සිට පිටවීමට පැමිණෙන වාහන පොල්දූව හන්දියෙන් බත්තරමුල්ල, පාලන්තුන, කියැන්නෑම් හන්දිය හරහා ගමන් කිරීමට හැකියාව ඇත.

*කියැන්නෑම් හන්දියෙන් කොළඹට ඇතුළුවන ඇතුළුවන වාහන පාලන්තුන, බත්තරමුල්ල හරහා ගමන් කිරීමට හැකියාව ඇත.

* රජමල්වත්ත දෙස සිට බෝධිරාජ මාවත ඔස්සේ පැමිණෙන වාහන බත්තරමුල්ල මාර්ගයට පැමිණ අවශ්‍ය මාර්ගය ඔස්සේ ගමන් කිරීමට හැකියාව ඇත.

බස් රථ හා ට්‍රක් රථ ගාල් කිරීම  :-

* ජපන්මිත්‍රත්ව පාර හන්දියේ සිට කිඹුලාවල හන්දිය දක්වා.

*ජපන්මිත්‍රත්ව පාර විදුලිබල මණ්ඩල අසල සිට පැලවත්ත.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *