ජොන්ස්ටන්ගේ අරක්කු කම්හලේ නම වෙනස්කරලා

ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ වයඹ ඩිස්ටන්ස් නාමය යටතේ ආරම්භ කර පවත්වාගෙන ගිය මත්පැන් ව්‍යාපාරයකට අදාළව රුපියල් මිලියන 580ක පමණ හිඟ බදු මුදලක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සඳරුවන් මදනසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඊයේ(19) හෙළිදරව්වක් කළා.

ඔහු සඳහන් කළේ ඒ අදාළ බදු මුදල ගෙවිමෙන් තොරව Royal Ceylon” නමින් මෙම ව්‍යාපාර නාමය වෙනස් කර ඇති බවයි.

බදු අයකිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දේශපාලන නායකයන් ආදර්ශමත් ලෙස කටයුතු කළ යුතු බවත්, නාමල් රාජපක්ෂ මහතා ඇතුළු වගකිවයුතු පාර්ශව මේ සම්බන්ධයෙන් සෘජු මැදිහත්වීමක් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සඳරුවන් මදනසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

පවතින නීති අනුව හිඟ බදු මුදල් සඳහා මාසිකව 1.5%ක පොලියක් අය කෙරෙන අතර, වාර්ෂිකව එය 18%ක් දක්වා ඉහළ යන බවත්, ඒ අනුව, වසර 5ක් පුරා බදු නොගෙවා සිටියහොත් මුල් බදු මුදලට අමතරව 90%ක දඩ මුදලක්ද ගෙවීමට සිදුවිය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියා.

රජය විසින් ලබාදී ඇති සහන ක්‍රමවේදයක් යටතේ මාස 6ක් ඇතුළත හිඟ බදු මුදල ගෙවන්නේ නම්, සම්පූර්ණ දඩ මුදල ඉවත් කර මුල් බදු මුදල පමණක් ගෙවීමට අවස්ථාව ලබාදී ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී සඳරුවන් මදනසිංහ මහතා පවසනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *