“සංඝ සංස්ථාවේ විනය පවත්වාගෙන යෑමට අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය කරනවා..”

මහානායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීමට ගරු කරමින්, 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් පනත සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. භික්ෂූන් වහන්සේලාගේ විනය ගැටලු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ බලය සහිත ‘ධර්මාධිකරණයක්’ නැවත පිහිටුවීම සඳහා මෙම පියවර ගන්නා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. රාජ්‍ය වෙසක් උත්සවය ජනාධිපති අනුර කුමාර […]
උඩු දුවන ශාසන අර්බුද හමුවේ හිටපු ජනාධිපතිනියගෙන් ලිපියක්

පැන නැගී ඇති ශාසනික අර්බුද හමුවේ බුදු දහමේ චිරස්ථිතිය සහ යහපැවැත්ම උදෙසා වහාම “ශාසන ශෝධන” වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා. ලිපිය මගින් ඇය ඉල්ලා සිටින්නේ වර්තමානයේ බුදු සසුන ඉතිහාසයේ කවරදාකටත් වඩා බරපතල අභියෝග රැසකට මුහුණ දී ඇති බැවින්, ධර්ම […]
“ගල්අගුරු බාලයි කියලා නැව ප්‍රතික්ෂේප කළොත් ලයිට් කපන්න වෙයි..”

චෝදනා එල්ල වී ඇති ගල්අඟුරු තොගය ප්‍රමිතියෙන් බාල වුවද, එම තොගය නොරොච්චෝල ලක්විජය බලාගාරයේ විදුලි ජනන කටයුතු සඳහා භාවිත කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නොරොච්චෝල විදුලි බලාගාරය සඳහා ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු තොගයක් මෙරටට ගෙනවිත් ඇති බවට ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය ඊයේ (26) සිදු කළ හෙළිදරව්වට […]
ද්විත්ව ඝාතක සැකකරු මහනුවර රෝහල් ජනේලෙන් පලා ගිහින්

හැටන් දික්ඔයදී අඹුසැමි යුවළක් ඝාතනය කර සැඟව සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පල්ලේකැලේ බන්ධනාගාරයට යොමුකර සිටි සැකකරු රෝගී තත්ත්වයක් සඳහා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (27) අලුයම බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන්ගෙන් මිදී පළාගොස් තිබේ. දිවිත්ව ඝාතනය සම්බන්ධයෙන් හැටන් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන පසුගිය 24 දින අධිකරණයට ඉදිරිපත් කරන ලද […]
“හිරේ යන්නත් කලින් ඇපකරුවන් හෙව්වා..”

අබිරහස් ලෙස මියගිය ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා රිමාන්ඩ් භාරයට පත් වීමටත් ප්‍රථම, මාර්තු මාසයේ දිනක තමන්ට ඇප ලබාගැනීම සඳහා සූදානම් වන ලෙස ප්‍රකාශ කළ බව කපිල චන්ද්‍රසේන මහතාට ඇප ලබා දුන් පුද්ගලයෙකු වන ඉන්දික මනෝජ් රත්නායක නැමැත්තා ඊයේ (26) අධිකරණයට සාක්ෂි ලබා දෙමින් පවසා තිබෙනවා. කපිල චන්ද්‍රසේන මහතාගේ අබිරහස් […]
රණවිරුවන් 700ක් ඝාතනය කල කොටි ත්‍රස්තවාදියා පාර්ලිමේන්තුවේදී සමරයි..

අලිමංකඩ හමුදා කඳවුරට එල්ල කළ ප්‍රහාරයේදී හමුදා සෙබළුන් විශාල පිරිසක් ඝාතනය කිරීමට නායකත්වය දුන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බාල්රාජ් නමැති ත්‍රස්තවාදියා පාර්ලිමේන්තුව තුළ ප්‍රසිද්ධියේ සැමරීමට ඉඩ ලබා දීම පිළිබඳව යාපනය සිවිල් සමාජයේ ජාතික සංවිධායක අරුන් සිද්ධාර්ථ් මහතා රජයට සහ විපක්ෂයට සිය දැඩි විරෝධය පළ කරයි. ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරාසා රවිකරන් මහතා පසුගිය […]
ලොක්කෙක් නැතිව RMVයත් අවුලක

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට මාස දෙකක පමණ කාලයක සිට කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කිරීමට වගකිවයුතු බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ එදිනෙදා රාජකාරී දැඩි අවුල් සහගත තත්ත්වයකට පත්වි මහජනයා ද දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා. හිටපු කොමසාරිස් ජනරාල්වරයා නීතිමය හේතුවක් මත සේවයෙන් ඉවතට යාමත් සමගම අභ්‍යන්තර රාජකාරි මට්ටමින්ද ගතයුතු ක්‍රියාමාර්ගයන් දැඩි අලස […]
රාජ්‍ය වෙසක් උත්සවය අද ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී සම්බුදු තෙමගුල සිහි කරමින් පැවැත්වෙන වෙසක් උත්සවයට සමගාමීව අද (27) සිට ජුනි 02 දක්වා වෙසක් සතියක් ප්‍රකාශයට පත්කර තිබේ. සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මඟ පෙන්වීම අනුව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල සහය ඇතිව වෙසක් උත්සවය […]