ෂාන් විජයලාල් එළඹෙන 12 දක්වා රිමාන්ඩ්

දකුණු පළාත් හිටපු මහ ඇමතිවරයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ශාන් විජයලාල් ද සිල්වා ජුනි 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (10) උදෑසන ඔහුව අත්අඩංගුවට ගත්තා. ඒ, ප්‍රකාශයක් ලබාදීම සඳහා අද එම කොමිසම වෙත පැමිණි අවස්ථාවේදීයි. 2019 වසරේදී රුපියල් මිලියන 16. 5 ක මන්ත්‍රී ප්‍රතිපාදනවලින් […]
සලේ වෙනුවෙන් ඇරඹූ සත්‍යග්‍රහය අවසන්

හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ වෙනුවෙන් සංවිධානය කර තිබූ සත්‍යග්‍රහ ව්‍යාපාරය නිල වශයෙන් අවසන් කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. මෙම සත්‍යග්‍රහය ආරම්භ වූයේ පසුගිය 03 වැනිදායි. ඒ විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක මූලිකත්වයෙන් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදීයි. එම අවස්ථාව සඳහා විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල ප්‍රමුඛ පෙළේ නායකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නියෝජිතයින් […]
සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්ඩංගුවේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේ සලේ මහතා අත්අඩංගුවේදී වද හිංසාවලට භාජනය වී තිබේදැයි පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් පංච පුද්ගල විශේෂඥ මානසික අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් අද (10) පත් කළා. එම වෛද්‍ය පරීක්‍ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී සිදු කරන ලෙසත් එලෙස සිදුකළ […]
සුරේෂ් සලේ ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් හෙළිදරව්වක්

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද(10) දින පාර්ලිමේන්තුවේදී, 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම සහ ඊට අදාළ තොරතුරු වසං කිරීමේ චෝදනා මත හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් තුවාන් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව ප්‍රකාශ කළා. ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කළේ පාස්කු ප්‍රහාරයට සති […]
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් අත්අඩංගුවට

දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දූෂණ චෝදනාවකට අදාළව, අල්ලස් කොමිසම මඟින් සිදු කරන විමර්ශනයක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
“සරත් ෆොන්සේකට ජම්පර් ගහලා ඇතුළට දාද්දි කවුරුත් කතා නෑ.. ගෝඨාභයට තහනමක් දැම්මා විතරයි සලේ ගැන පුදුම ආදරයක්නේ..”

ඊයේ (09) රැස් වූ පාර්ලිමේන්තුවේදි අධිකරණ කටයුතු අමාත්‍ය හර්ෂන නානායක්කාර මහතා විසින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවීම ගැනත් එහිදී ඔහුට විශාල ලෙස කෲර වධහිංසා පමුණුවන බවත් පළවන අදහස් සම්බන්ධයෙන් පිළිතුරු ලබා දුන්නේය. එහිදී ඔහු පවසා සිටියේ, “අපේ ආණ්ඩුව පිස්සු බල්ලෝ වගේ කෑගහන්න අඩි හප්පන්න යන්නෙ නෑ.අපේ වැඩේ අපි […]
සලේගේ මෝසම ගැන නියෝගය අද

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විශේෂඥ මානසික වෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා විසින් කළ ඉල්ලීම පිළිබඳව නියෝගය අද (10) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. පසුගිය 04 වැනිදා සුරේෂ් සලේ වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන […]
ශානිලා දුන්නේ බොරු සාක්ෂිද? මනෝජ් ගමගේ කියන කතාව

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ‘මහ මොළකරුවෙකු’ සිටින බවට සමාජය හමුවේ මතු කරන කතාව, මෙරට ජනතාව රැවටීම සඳහා දියත් කර ඇති තනිකරම බොරු උගුලක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසනවා. මාධ්‍ය නාලිකාවක පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ, ඇමරිකාවේ FBI ආයතනය, ඉන්දියාවේ ‘රෝ’ සංවිධානය වැනි ලොව ඉහළම තාක්ෂණික හා බුද්ධිමය […]