සලේ වෙනුවෙන් ඇරඹූ සත්‍යග්‍රහය අවසන්

හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ වෙනුවෙන් සංවිධානය කර තිබූ සත්‍යග්‍රහ ව්‍යාපාරය නිල වශයෙන් අවසන් කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙම සත්‍යග්‍රහය ආරම්භ වූයේ පසුගිය 03 වැනිදායි.

ඒ විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක මූලිකත්වයෙන් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදීයි.

එම අවස්ථාව සඳහා විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල ප්‍රමුඛ පෙළේ නායකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නියෝජිතයින් විශාල පිරිසක් එක්ව සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ පසුගිය 07 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *