ලිංගික චෝදනා මත ලාංකික හිමිනමක් ඇමෙරිකාවේදී අත්අඩංගුවට

මුදලට ලිංගික සේවා ලබා ගැනීමට උත්සාහ කිරීමේ චෝදනාව මත බොස්ටන් පොලිස් දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් මර්දන අංශය විසින් පසුගිය සෙනසුරාදා පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතර ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ බෞද්ධ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ පූජ්‍ය මහයායේ විනීත හිමියන් ද වන බව වාර්තා වේ. මෙම සිදුවීමෙන් පසු, 2024 දෙසැම්බර් මාසයේ සිට උන්වහන්සේ දැරූ එම උපදේශක […]

ආනයන ගෙවීම් සම්බන්ධ නව පාලන රෙගුලාසි..

ආනයන සම්බන්ධ විදේශ මුදල් ගෙවීම් වඩාත් කාර්යක්ෂමව අධීක්ෂණය කිරීම සඳහා රජය නව නියාමන හඳුන්වා  දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ නව රෙගුලාසි අනුව, ආනයන ගනුදෙනු සඳහා සිදු කරන සෑම ගෙවීමකටම බැංකු මඟින් විශේෂ ගනුදෙනු අංකයක් ලබා […]

අගලවත්තේ මාලිමා බලය දෙදරයි.. ප්‍රා. සභා උප සභාපති ඉල්ලා අස්වෙයි

ආණ්ඩු පක්ෂය වෙත අගලවත්ත ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට සහයෝගය ලබාදුන් ස්වාධීන කණ්ඩායමේ ඉන්දික ජයලත් තමා හෙබ වූ උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ඉකුත් දා පැවැති අගලවත්ත ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමේදී පැවසූ බව වාර්තා වේ. ඒ අනුව සිදු කළ විමසීමේදී ඔහු, සිය ධුරයේ දිවුරුම් දී වසරක් සපිරෙන ජුනි මස 26 වැනි දිනට උප […]

“එහෙන් කෙසෙල් කඳ දැම්මාම මෙහෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් හදනවා”

ඇඹිලිපිටිය ප්‍රදේශයේ කෙසෙල් වගාකරුවන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් කෙසෙල් කඳ භාවිතයෙන් නිමි ඇඳුම් නිෂ්පාදනය කිරීමේ නව කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. චීන රජයේ තාක්ෂණික සහාය ඇතිව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජකයින් දැනටමත් කැමැත්ත පළ කර ඇති අතර, ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා ඇඹිලිපිටිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී […]

සුපිරි වෙළෙඳසලකින් මස්, මාළු, කජු ඉස්සූ නීතිඥ නෝනා අත්අඩංගුවට

කොළඹ වාණිජ බැංකුවක නීති අංශයේ නීතිඥවරියක් රත්මලානේ පිහිටි සුපිරි වෙළෙඳසලකින් එළු මස්, කුකුළු මස් හා කජු ඇතුළු භාණ්ඩ කීපයක් සොරාගෙන යමින් සිටියදී ඊයේ (18) රාත්‍රීයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන් කරනවා. එසේ සොරා ගත් භාණ්ඩ අතර රුපියල් 5290ක් වටිනා කුකුළු මස් ග්‍රෑම් 520ක්, එළු මස් ග්‍රෑම් 250ක්, බදින ලද කජු, දත් බුරුසුවක් හා […]