වාහන මිල ගණන් අහස උසට: ලක්ෂ ගණනින් ඉහළ යන ලැයිස්තුව මෙන්න

අගෝස්තු 15 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබූ 50%ක ආනයන බදු අධිභාරය ලබන දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මෙම තීරණයත් සමඟ ඉදිරියේදී මෙරට වාහන මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා සඳහන් කළේ, මෙම බදු දීර්ඝ කිරීම හේතුවෙන් […]

“නීතිඥ සංගමයත් එක්ක ඒ විදිහට කතා කරපු වෙන ජනාධිපතිවරයෙක් ඉතිහාසයේම නෑ..”

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ වත්මන් නායකත්වය තරම් උගත්, බුද්ධිමත් මෙන්ම රටටත් ජනතාවටත් ආදරය කරන වෙනත් විධායක ජනාධිපතිවරයෙකු හෝ අගමැතිවරයෙකු නොසිටි බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා. ඔහු මෙම අදහස් පල කළේ, ඊයේ (15) පැවති ගාල්ල ‘අදිටන සාමුහික හමුවේ’දී අදහස් දැක්වමින්. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඉදිරි වසර 25 හෝ 30 ඇතුළත මැතිවරණයකට පැමිණ ජයග්‍රහණය කළ […]

22න් පසු අභියාචනාධිකරණය පළාත් සභා මට්ටමට…

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නංවා, එම අධිකරණ වාර පළාත් මට්ටමින් පැවැත්වීමට රජය සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරන පරිදි, දැනට කොළඹට පමණක් සීමා වී ඇති අභියාචනාධිකරණ බලය පළාත් මට්ටමට ව්‍යාප්ත කිරීම සඳහා විනිසුරුවරුන් සංඛ්‍යාව 24 දක්වා ඉහළ නැංවීමට යෝජිතය. අභියාචනාධිකරණය පළාත් මට්ටමින් ස්ථාපිත කිරීමට […]

කඩුවෙලට අද විශේෂ රථවාහන සැලැස්මක්

සිද්ධ රන්කඩු පත්තිනි දේවාලයේ දිය කැපීමේ වාර්ෂික මහා පෙරහැර හේතුවෙන් අද (16) කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසනවා. පොලීසිය පැවසුවේ එම දේවාලයේ පෙරහැර අද උදෑසන 6 සිට දහවල් 2 දක්වා වීථී සංචාරය කිරීමට නියමිත බවයි. පෙරහැර දේවාලය අසලින් ආරම්භ වී 143 අවිස්සාවේල්ල කොළඹ බස් මාර්ගය හරහා කඩුවෙල රාජසිංහ පාලම මතින් බණ්ඩාරවත්ත, […]