යෝජිත 22වන ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා “බලපෑමේ ප්රකාශනය” ඇතුලත් නොකිරීම සම්බන්ධව ඊයේ(18) පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී. පෙරේරා මහතා විසින් සිදුකරන ලද ප්රකාශයට අද(19) සභානායක බිමල් රත්නායක මහතා විසින් පිළිතුරු ලබා දුන්නා.
එහිදී ඔහු සඳහන් කලේ, සාමාන්යයෙන් ඕනෑම පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේදී නීතියේ බලපෑමේ ප්රකාශය කොටස අදාළ පනත් කෙටුම්පතෙහි මුල් පිටුවේම සඳහන් කර ඇති බවයි.
නමුත් 22වන සංශෝධන කෙටුම්පත වශයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ සාමාන්ය පනත් සංශෝධනයක් නොව ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන කෙටුම්පතක් බව ඔහු පෙන්වා දුන්නා.
ඉදිරිපත් කරන ලද 22 වන ආන්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළව කරුණු පැහැදිලි කරමින් සභානායකවරයා පෙන්වා දුන්නේ, මින් ඉහතදී ඉදිරිපත් වූ 19,20,21 සහ 22වන ව්යවස්ථා සංශෝධනය නමින් ඉදිරිපත් වූ 21වන ව්යවස්ථා සංශෝධනයටම ඇතුළත් කළ පනත් කෙටුම්පත යන සියල්ලෙහිම මෙම බලපෑමේ ප්රකාශය ඇතුළක් කර නොමැති බවයි.
මේ අනුව “නීතියේ බලපෑමේ ප්රකාශය” අවශ්ය වන්නේ පනත් කෙටුම්පත් සංශෝධනය කිරීම සඳහා පමණක් බවද සභානායකවරයා එහිදී පෙන්වා දුන්නා.
තවද මෙම පනත් කෙටුම්පත් සකස් කරනු ලබන්නේ ආණ්ඩු පක්ෂයෙන් නොවන බවත් එයට නිශ්චිත ක්රියාපටිපාටියක් පවතින බවත් සභානායක බිමල් රත්නායක මහතා එහිදී ප්රකාශ කළා.
ප්රතිපත්තිමය තීන්දුව ගැනීමෙන් අනතුරුව මෙය කෙටුම්පතක් බවට පත් කරනු ලබන්නේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මගින් බවද ඉන් අනතුරුව අදාළ කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුව වෙත අනුමැතිය සඳහා යොමුවන බවද සභානායකවරයා එහිදී සඳහන් කර සිටියා.
ඉන් අනතුරුව අදාළ කෙටුම්පත කැබිනට් ලේකම් කාර්යාලය වෙත යොමු වන බවද ඒ අනුව පාර්ලිමේන්තුවට පැමිණීමට පෙර වගකිවයුතු ආයතන තුනක් වෙත අනුමැතිය සඳහා අදාළ කෙටුම්පත යොමුවන බව ඔහු එහිදී පෙන්වා දුන්නා.
මින් ඉහතදී සංශෝධන ඉදිරිපත් කිරීම් සිදු වුයේද මෙම ක්රියාවලිය අනුව බවත් ඒ අනුව 22වන ව්යවස්ථා සංශෝධනයෙහි කිසිදු ගැටලුවක් නොපවතින බවත් බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.



