ගලගෙදර සමූපකාරයේ අධ්‍යක්‍ෂ මණ්ඩල නිලවරණයේ ජය ඒකාබද්ධ විපක්ෂයට

මහනුවර – ගලගෙදර විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා ගැනීම සඳහා වූ නිලවරණයේදී සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ කණ්ඩායම විසින් සියලු‍ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු ජයග්‍රහණය කර තිබෙනවා.

මෙම සමූපකාර සමිතියේ ධූර සංඛ්‍යාව හතක් වන අතර එම ධූර හතම සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම දිනා ගැනීම විශේෂත්වයක්.

එමෙන්ම, මහනුවර – උඩුනුවර සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය තෝරාගැනීම සඳහා පසුගියදා පැවති නිලවරණයේදී ද සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ කණ්ඩායම විසින් සියලු‍ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු ජයග්‍රහණය කළා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *