වැලිපැන්නේ මාරක අනතුරකින් අවුරුදු 3ක දැරියක් මරුට

වැලිපැන්න පොලිස් වසමේ අලුත්ගම – මතුගම මාර්ගයේ 5 කණුව ප්‍රදේශයේ දී ඊයේ (25) සවස සිදුවූ අනතුරකින් වයස අවුරුදු 3ක දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

අනතුරට මුහුණපෑ දැරිය සිය මව හා පියා සමග යතුරුපැදියෙන් මතුගම දෙසට ගමන්කරමින් සිටියදී, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක ගැටී මෙම අනතුරට මුහුණපා ඇත. 

අනතුරින් එම දැරිය, තුවාල ලැබූ ඇගේ පියා හා මව දර්ගා නගරයේ රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී දැරිය මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එමෙන්ම තුවාල ලැබූ ඇගේ පියා හා මව වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වනවිට නාගොඩ රෝහල වෙත මාරුකර යවා ඇත. 

අනතුරින් පසු කැබ් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, වැලිපැන්න පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *