කොවිඩ්-19 වසංගත සමයේදී කොවිඩ් ආසාදිතව මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ ආදාහනය කිරීමට තීරණය කිරීම හේතුවෙන් මුස්ලිම් ප්‍රජාව තුළ හටගත් දැඩි වේදනාව සහ කම්පනය තමන් ඇතුළු පක්ෂයට හොඳින් අවබෝධ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පල කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන කොට්ඨාස රැස්වීම් මාලාවේ එළුවාපිටිය කොට්ඨාසයේ ජන හමුව අමතමින්.
එහිදී ඔහු සඳහන් කළේ, එම තීරණය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තනිව ගන්නා ලද දේශපාලනික තීන්දුවක් නොවන බවත්, එය එකල පත්කළ කමිටුවේ උපදෙස් මත පදනම්ව ගත් තීරණයක් බවයි.
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් සහ කොවිඩ් 19 වසංගතයෙන් රටේ ජනතාව මුදවා ගැනීමට කටයුතු කළා සේම, අරගලය පැවැති අවස්ථාවේදීද හමුදාව හා පොලීසිය යොදාගෙන දහස් ගණනක් ඝාතනය කර ආණ්ඩුව රැකගැනීමට උත්සාහ නොකර අඩියක් පස්සට ගත්තේ රට සමාජ ව්‍යසනයකින් බේරාගැනීමට බවද ඔහු කියා සිටියා.



