හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට අද (05) දිනයේ ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදීයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී ජනාධිපති කාර්යාලයට අනුයුක්ත සේවකයින් දෙදෙනෙකු සිය පෞද්ගලික කාර්යාලයේ සේවය සඳහා යොදවා ගැනීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි ඔහුව අද දිනයේ කැඳවා තිබුණේ.

ඒ අනුව අද පෙරවරුවේ ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණි අවස්ථාවේදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *