GMOA වර්ජනය තවත් පැය 24කට දිගු වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අද (05) දිනයේදීත් ක්‍රියාත්මක වනවා.

දේශපාලන මැදිහත්වීම් මත වෛද්‍යවරුන්ගේ ස්ථානමාරුවීම් සිදු කිරීම නැවැත්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණා. 

ඒ අනුව අද පෙරවරු 8.00 සිට යළි මෙම වැඩවර්ජනය දිවයින පුරා පිහිටි සියලු රෝහල්වල ක්‍රියාත්මක කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

කෙසේ නමුත් මාතෘ රෝහල්, ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල, විශේෂ වකුගඩු ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය යන ආයතනයන් හී මෙම වෘත්තිය සමිති ක්‍රියාත්මක නොවන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළා.

මේ අතර අද රැස්වෙන එම සංගමයේ විධායක සභාවේදී ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කරන බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *