අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කරන ලද නවතම එක්දින ජාත්‍යන්තර (ODI) කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාව ලොව අංක එකේ කණ්ඩායම ලෙස සිය ස්ථානය තවදුරටත් තහවුරු කරගෙන තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ පස්වන ස්ථානයේ පසුවන්නේ ලකුණු 4,392ක් සහ 100ක රේටින් අගයක් සමඟයි.
ICC නවතම වර්ගීකරණයට අනුව ඉන්දියාව තරග 44කදී ප්‍රසාද ලකුණු 5,314ක් ලබා ගනිමින් 121ක රේටින් (Rating) අගයක් සමඟ පළමු ස්ථානය හිමිකරගෙන තිබෙනවා.
මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය නවසීලන්තයට (රේටින් 113) හිමිව ඇති අතර, ඕස්ට්‍රේලියාව රේටින් 109ක් සමඟ තෙවන ස්ථානයට පත්ව තිබෙනවා.
ඇෆ්ගනිස්තානය ප්‍රබල එංගලන්ත කණ්ඩායම අභිබවා 7 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබීමත් මෙම ලැයිස්තුවේ ඇති විශේෂත්වයක්.
එමෙන්ම 20වැනි ස්ථානය නොහොත් අවසන් ස්ථානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පසුවන අතර, ඔවුන් ලකුණු 396ක් සහ 11ක රේටින් අගයක් හිමිකරගෙන තිබෙනවා.
කෙසේ නමුත්, මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවන ඉන්දියාව සහ දෙවැනි ස්ථානයේ පසුවන නවසීලන්තය අතර ඉන්දියාවේ පැවති එක්දින තරගාවලියේදී ඊයේ (18) පැවැත්වුණු අවසන් තරගයේදී නවසීලන්තයට ජය හිමිවීමත් සමග වසර 37කට පසුව ඉන්දියාවට සිය මව්බිමේදී නවසීලන්තය හමුවේ තරගාවලි පරාජයකටද උරුමකම් කීමට සිදුවුණා.



