දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට(21) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරතවීමට නියමිතව තිබෙනවා.
කටුනායක ගුවන්තොටුපොළේ සෞඛ්‍ය කාර්යාලයේ ජේෂ්ඨතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කිරීමට විරෝධය පල කිරීම සඳහා ඔවුන් මෙම තීරණය ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ(19) රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මිතුකුඩ මහතා ප්‍රකාශ කළා.
මීට අමතරව අද(20) සිට දිවයින පුරා සියලුම ඩෙංගු මර්දන රාජකාරි කටයුතුවලින් ඉවත්වීමටද එම සංගමය විසින් තීරණ ගෙන ඇති බව සඳහන්.
මේ සම්බන්ධව සඳහන් කරමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාගේ සහ ලේකම් චමිල් මුතුකුඩ මහතාගේ අත්සනින් යුතුව ලිපියක්ද යොමු කර තිබෙනවා.



