TikTok දරුවන්ට අසභ්‍ය දර්ශන පෙන්නනවද ?

මානව හිමිකම් ක්‍රියාකාරීන් කණ්ඩායමක් විසින් නිකුත් කරන ලද නව වාර්තාවකට අනුව, TikTokහි ඇල්ගොරිතමය ළමා ගිණුම්වලට අසභ්‍ය දර්ශන සහ අධික ලෙස ලිංගික අන්තර්ගතයන් නිර්දේශ කරන බව අනාවරණය වී තිබේ.

පර්යේෂකයින් ව්‍යාජ ළමා ගිණුම් නිර්මාණය කර ආරක්ෂක සැකසුම් සක්‍රිය කර තිබියදීත්, අසභ්‍ය ලිංගික සෙවුම් යෝජනා (sexually explicit search suggestions) ලැබී තිබේ.

යෝජිත සෙවුම් පද මගින් ලිංගිකත්වය පදනම් වූ වීඩියෝ ඇතුළු ලිංගික කරුණු වෙත යොමු විය.

ටික්ටොක් සමාජ මාධ්‍ය වේදිකාව පවසන්නේ, ඔවුන් ආරක්ෂිත සහ වයසට ගැළපෙන අත්දැකීම් ලබා දීම සඳහා කැපවී සිටින බවත් ගැටලුව දැන ගත් වහා ම අවශ්‍ය පියවර ගත් බවයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *