අර්චුනාගේ ප්‍රකාශයට සීලරතන හිමිගෙන් පිළිතුරු

වත්මන් රජය බලයට පත් කිරීම සඳහා ඩයස්පෝරාව විසින් ලබාදුන් මුදල් ප්‍රමාණය කොපමණදැයි වහාම පැහැදිලි කරන ලෙස ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා මහතාගෙන් ඉල්ලා සිටිනවා.

ඊයේ (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, මන්ත්‍රී අර්චුනා මහතා විසින් ඩයස්පෝරා මුදල් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය හරහා කරුණු රැසක් අනාවරණය වන බවයි.

“අර්චුනා මන්ත්‍රීතුමා කියනවා දැන් ඩයස්පෝරාවෙන් සත පහක්වත් ආයෙත් වත්මන් රජයට දෙන්නේ නැහැ කියලා. එහෙනම් මන්ත්‍රීතුමනි, ඔබතුමා කරුණාකරලා පැහැදිලිව කියන්න වත්මන් රජය දිනවන්න ඩයස්පෝරාවෙන් මේ වෙනකොට ඩොලර් මිලියන කීයක්, බිලියන කීයක් දුන්නද කියලා?

රට විනාශ කිරීමේ අරමුණින් ඩයස්පෝරාව විසින් මෙරට නායකයන්ට මුදල් ලබා දී රජයන් බලයට පත්කර ඇති බවත්, එලෙස ලබාගන්නා මුදල් යොදවමින් වත්මන් රජය ඇතැම් ස්ථානවලදී ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනය විනාශ කිරීමට උත්සාහ දරන බවත් උන්වහන්සේ සඳහන් කළා.

එහිදී වැඩිදිර්ටත් අදහස් දක්වමින් උන්වහන්සේ කිය සිටියේ,

“අර්චුනා මරු භාණ්ඩේ තමයි. මන්ත්‍රීතුමනී ඔබතුමා කරුණාකරලා පැහැදිලිව කියන්න ඩයස්පෝරාවෙන් වර්තමාන රජය සල්ලි කොපමණ දුන්නද කියලා.ඩයස්පෝරාවෙන් මේ වෙනකොට ඩොලර් බිලියන කීයක් දුන්නද? ඩොලර් මිලියන කීයක් දුන්නද? වත්මන් රජය දිනවන්න. දැන් ඔබතුමා කියනවා ඩයස්පෝරාවෙන් සත පහක්වත් ආපහු න් රජයට දෙන්නේ නෑ කියලා. අනිවාර්යෙන් මේ රට විනාශ කරන්න තමයි මේ වෙන විට ඩයස්පෝරාව සල්ලි දීලා තියෙන්නේ වත්මන් රජයට. හැබැයි වත්මන් රජය සද්ද නෑ. ඔබතුමාලා සල්ලි අරගෙන ඒක තමයි මේ අපේ රටේ බුද්ධ ශාසනය විනාශ කරන්න යම් යම් තැන් වලදී හදන්නේ. එහෙනම්, ඩයසපෝරාවට සල්ලි කොහෙන්ද? සල්ලි එකතු කරලා මේ රට විනාශ කරන්න නායකයන්ට සල්ලි දීලා, ඒ නායකයෝ ගෙනල්ලා අන්තිමට මේගොල්ලන් කියනවා කියනවා, අපි ආයේ ඩයස්පොරාවෙන් දෙන්නේ නෑලූ.”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *