අලුත උපන් බිළිඳු ජීවිත රැසක් බිලිගත් පාකිස්තාන රෝහල් ගින්න

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පිහිටි ප්‍රධානතම රෝහලක අලුත උපන් බිළිඳුන් සඳහා වෙන්කර ඇති වාට්ටුවක ඇති වූ ගින්නකින් අවම වශයෙන් දරුවන් 13 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉස්ලාමාබාද්හි පාකිස්තාන වෛද්‍ය විද්‍යා ආයතනයේ (PIMS) අලුත උපන් බිළිඳුන් රැකබලා ගන්නා ඒකකයක මෙම ගින්න හටගෙන ඇති බවයි.

ගින්නට හේතුව අලුත උපන් බිළිඳුන්ගේ ඒකකය තුළ තිබූ වායු සමීකරණ යන්ත්‍රයක කොම්ප්‍රෙෂර්යක් පුපුරා යාමක් බවට මූලික තොරතුරු අනුව සැක පළ වී තිබෙනවා.

ගින්න හටගත් අවස්ථාවේදී රෝහල් බලධාරීන් විසින් එක් දරුවෙකු බේරාගෙන ඇති අතර, තවත් බිළිඳුන් කිහිපදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව සඳහන්.

ඒ අනුව මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉස්ලාමාබාද් ප්‍රධාන කොමසාරිස්වරයා සඳහන් කර ඇත්තේ, ප්‍රදේශයේ හදිසි ගිනි නිවීමේ අංශයට අද (26) පෙරවරු 7ට ආසන්නව ගිනිගැනීම පිළිබඳ දැනුම්දීමක් ලැබී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *