ශ්‍රී ලංකාවේ වෙළෙඳ, ආයෝජන සහ රාජ්‍ය මූල්‍ය අරමුණු ශක්තිමත් කිරීමේ අරමුණින් වර්තමාන ජාතික තීරු බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුව විසින් සිදු කරන ලද සවිස්තරාත්මක සමාලෝචනයේදී, මෑතකාලීන ආර්ථික, රාජ්‍ය මූල්‍ය සහ වෙළෙඳ කටයුතු ආශ්‍රිත දත්ත විශ්ලේෂණය කිරීම, පවතින නීති සහ අණපනත් සමඟ පූර්ණ වශයෙන් අනුකූල නොවන විධිවිධාන හඳුනා ගැනීම හා ප්‍රතිපත්තියේ පවතින ව්‍යාකූලතාවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව ලබා දුන් නිරීක්ෂණ සැලකිල්ලට ගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන බවයි සඳහන් වන්නේ.
මෙම කමිටු නිර්දේශ මත පදනම්ව, යාවත්කාලීන කරන ලද ජාතික තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාව අනුමත කර තිබෙනවා.
අදාළ කැබිනට් තීරණය පහතින් දැක්වෙනවා.



