ඥානසාර හිමිට අධි චෝදනා

බොදු බල සේනා සංවිධානය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී කුරානයට, ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් අදහස් දැක් වූ බවට එහි මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට අධිචෝදනා ගොනු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා හමුවේ දැනුම් දුන්නේය.

නීතිපතිවරයා ලබා දුන් උපදෙස් ප්‍රකාරව මෙම පියවර ගන්නා බවද එහිදී පොලිසිය අධිකරණයට දැන්වීය.

උන්වහන්සේට එරෙහිව ගොනු කර ඇති නඩුවට වසර 11 ක් නීතිපති උපදෙස් නොලැබීම සහ ප්‍රමාදයට හේතුව සම්බන්ධයෙන් ඊයේ අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර පෙර දින නියෝග කර තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ ඇප මත මුදා හැර ඇති ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ විවෘත අධිකරණයේ පෙනී සිටියහ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *