“බුදු පිළිමයක් අත්අඩංගුවට ගත් පළමු පාලකයා අනුර”

ලංකා ඉතිහාසයේ බුදු පිළිමයක් අත්අඩංගුවට ගත් පළමුවන පාලකයා බවට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පත්ව ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පැවසීය.

අධිරාජ්‍යවාදින් මේ රට පාලනය කළ කාලයේ දීවත් බුදු දහමට මෙසේ අපහස කළේ නැතැයි කියන කාරණාව ඉතා කම්පාවෙන් සිහිපත් කරන බව ඔහු සඳහන් කළේ ය.

උදය ගම්මන්පිල මේ බව පැවසුවේ, අද (නොවැ. 19) පැවති මාධ්‍ය හමුවකදී ය.

දේවදත්තගේ උපදෙස් මත කටයුතු කළ අජාසත්ව රජතුමාවත් බුදුන් වහන්සේ අත්අඩංගුවට ගන්න උස්සාහ කළේ නැති බව ත් බුදු පිළිමයක් අත්අඩංගුවට ගැනීම බුදුන් වහන්සේ අත්අඩංගුවට ගැනීම වැනි සමස්ථ බෞද්ධ සමාජයේ ම කම්පාවට පත් වුණු සිදුවීමක් බව ත් ඔහු සඳහන් කළේ ය.

උදය ගම්මන්පිල තවදුරට ත් පැවසුවේ, මේ රට පාලනය කළ අධිරාජ්‍යවාදීන්වත් බුදු දහමට මෙසේ අපහස කළේ නැහැයි කියන කාරණාව අප කම්පාවෙන් සිහිපත් කරන බව ය.

ඔහු වැඩිදුරට ත් මෙසේ පැවසීය.

“ජනාධිපති ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයින් ගණනාවක් කියන්නේ ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධිය 21 වන දා රැලිය සාර්ථක කර ගන්න විපක්ෂය කළ උපක්‍රමයක් ලෙසයි. එහෙනම් අර එස්.එස් පී මහත්තයා හාමුදුරුවන් සමග සාකච්ජාවට ගිහින් චණ්ඩි පාට් දාන්න කිව්වේ අපි ද ? ඒ වගේ ම වැට කපලා හාමුදුරුවන්ට පහර දීලා බුදු පිළිමය පැහැරගෙන ඒමට පොලිසියට උපදෙස් දුන්නේ අපි ද? දෙහිවල නගර සභාවේ බුදු පිළිමය ඉවත් කරන්න උපදෙස් දුන්නේ අපි ද ? සභාවල පන්සිල් ගැනීම තහනම් කළේ අපි ද? පිළිම වන්දනාව ගෝත්‍රිකයි කියු ඇමතිවරයා අපේ කෙනෙක් ද? බෝගස කියන්නේ කිසිම වැඩකට නැති ගහක් යැයි කියු නලින් හේවගේ අපේ කෙනෙක් ද ? බුදු දහමට හිමි ප්‍රමුඛස්ථානය ව්‍යවස්ථාවෙන් ඉවත් කරනවාය කියලා මැතිවරණ ප්‍රකාශයට දැම්මේ අපි ද ?

ලංකා ඉතිහාසයේ බුදු පිළිමයක් අත්ඩංගුවට ගත් පළමු වන පාලකයා බවට ජනාධිපති අනුර කුමාර දිසානායක පත් උනා. ඒ වගේ ම නුගේගොඩ රැස්විම පවැත්විමට පොදු ප්‍රතිපත්තියක් නැතැයි කියා සමහරු චෝදනා එල්ල කළ අයට අප කියන්නේ අපි හැමෝම පොදු තේමාවක් තුළට එකතු වෙලා තමයි මේ රැස්වීම පවත්වන්නේ. ඒ දුන් පොරෙන්දු සිහිපත් කිරීම, මේ මොහොතවන විට ඉහවහා යමින් පවතින ආණ්ඩුව තුළ උඩු දුවන දූෂණය නැවත් වුනු ,භිෂණය නවත්වනු යන තේමා තුන පදනම් කරගෙන මේ රැලිය පවත්වනවා.”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *