ආසි­යානු කුස­ලා­නය දෙන­වාද? නැද්ද? නක්විට ඉන්දීය ක්‍රිකට් අන­තුරු අඟ­වයි

ආසි­යානු කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලිය අව­සන් වී මාස­ය­කට ආසන්න කාල­යක් ගත වී ඇතත් තව­මත් කුස­ලා­නය ඉන්දි­යා­වට ලැබී නොමැති හෙයින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩ­ලය, කුස­ලා­නය ළඟ තබා­ගෙන සිටින ආසි­යානු ක්‍රිකට් කවු­න්සි­ලයේ ප්‍රධානී මොහ්සින් නක්විට නිල ඊමේල් පණි­වි­ඩ­ය­කින්, ආසි­යානු කුස­ලා­නය වහාම ඉන්දි­යා­වට භාර දෙන ලෙස ඉල්ලා සිටියි.

එසේ නොක­ළ‍හොත් අයි­සී­සි­යට මේ සම්බ­න්ධව නිල වශ­යෙන් පැමි­ණිලි කොට නක්වි සියලු තන­තු­රු­ව­ලින් පහ කිරී­මට අවශ්‍ය කට­යුතු යොදන බව ඉන්දීය ක්‍රිකට් ලේකම් දේව්ජිත් සයි­කියා ඉන්දියා ටුඩේ සමඟ පැවති සම්මුඛ සාක­ච්ඡා­ව­කදී තහ­වුරු කළේය.

“අපි නක්විගේ ප්‍රති­චා­රය බලා­පො­රො­ත්තු­වෙන් සිටින අතර ඔහු­ගෙන් ප්‍රති­චා­ර­යක් නොලැ­බු­ණ­හොත්, අපි නිල තැපෑ­ලෙන් අයි­සී­සිය වෙත දැනුම් දෙනවා. නක්විගේ තීර­ණය ක්‍රීඩා ආත්ම­යට පට­හැ­ණියි. කුස­ලා­නය සහ පද­ක්කම් හැකි ඉක්ම­නින් ඉන්දි­යා­වට ආපසු ලබා දෙනු ඇතැයි අප බලා­පො­රොත්තු වෙනවා” සයි­කියා පැව­සීය.

අව­සන් තර­ග­යෙන් පසු සම්මාන ප්‍රදා­නෝ­ත්ස­ව­යේදී ඉන්දීය කණ්ඩා­යම නක්වි­ගෙන් කුස­ලා­නය පිළි­ගැ­නීම ප්‍රති­ක්ෂේප කළ අතර, නක්වි කුස­ලා­නය ඔහුගේ හෝටල් කාම­ර­යට රැගෙන ගියේය. ආසි­යානු කුස­ලා­නය දැනට ඩුබා­යිහි ආසි­යානු ක්‍රිකට් කාර්යා­ලයේ තබා ඇත.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *