පුරාවිද්‍යා පුවරු ගැලවූ අය හදුනගත්තා..

මඩකළපුවේ පුරාවිද්‍යා ස්ථානවල නාම පුවරු ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ආනන්ද විජේපාල මහතා එහිදී මෙසේද අදහස් දක්වා සිටියා.

මඩකලපුව වාලචේන සහ ඒ අවට පුරාවිද්‍යා ස්ථානවලට මග පෙන්වන පුවරු හයක් සහ නාමපුවරු දෙකක් කිසියම් පිරිසක් ගලවා ඇති බවට පොලිසියට පැමිණිලි ලැබිලා තියෙනවා. ඒ ගැන අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයා පොලිසියට උපදෙස් දීලා තියෙනවා. මෙම නාමපුවරු ගැලවූ පිරිස් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරගෙන යනවා. නීතිය කාටත් පොදුයි. මේ රටේ ප්‍රාන්ත රාජ්‍ය නැහැ. රජයට ඕනෑම තැනක නාමපුවරුවක් දාන්න පුළුවන්. ජාතිවාදයට කිසිම ඉඩකඩක් නැහැ. නීතිය උතුරටත් දකුණටත් නැගෙනහිරටත් බටහිරටත් පොදුයි. මෙවැනි දේවල් ගලවලා ජාතිවාදී ගැටුම් සඳහා උත්සාහ කරන පිරිස් අපි දැකලා තියෙනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *