මෙසීගෙන් සුපිරි ‘Hat-trick’ එකක්

2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය තවදුරටත් උණුසුම් කරමින්, ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා ලෙස ජර්මනියේ මිරෝස්ලාව් ක්ලෝස (Miroslav Klose) තබා තිබූ ගෝල 16 වාර්තාව සම කිරීමට ආර්ජන්ටිනාවේ සුපිරි තරුව ලියොනල් මෙසී සමත් වුණා.

ඔහු මෙම ඓතිහාසික සන්ධිස්ථානය සනිටුහන් කළේ ‘J’ කාණ්ඩය යටතේ ඇල්ජීරියාවට එරෙහිව පැවති තීරණාත්මක මූලික වටයේ තරගයේදීයි.

තරගය පුරාම අතිවිශිෂ්ට ක්‍රීඩා විලාසයක් දියත් කළ ලියොනල් මෙසී, ඇල්ජීරියානු ආරක්ෂක පෙළ සම්පූර්ණයෙන්ම අඩපණ කරමින් ගෝල ත්‍රිත්වයක් (Hat-trick) වාර්තා කිරීමට සමත් වුණා.

මෙම සුපිරි දක්ෂතාවත් සමඟ 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී එක් තරගයකදී ගෝල ත්‍රිත්වයක් (Hat-trick) වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවට පත්වීමටද මෙසී සමත් වුණා.

මෙසීගේ මෙම ගෝල ත්‍රිත්වයේ සවියෙන් ඇල්ජීරියානු කණ්ඩායම ගෝල 3-0ක් ලෙස සම්පූර්ණයෙන්ම පරාජයට පත් කිරීමට ආර්ජන්ටිනාව සමත් වුණා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *