කාන්තාවන්ට සහ පිරිමින්ට සිය ලිංගිකත්වය වෙනස් කර ගැනීමට අවසර ලබාදෙමින් නිකුත් කර ඇති චක්‍රලේඛ බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත බලපන්ති නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබූ බව සඳහන් වේ.
කෙසේ වෙතත්, අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.



