විදෙස් තරුණියට රහස් තැන පෙන්වූ පුද්ගලයා සොයන්න මහජන සහාය පතයි

විදෙස් ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් වූ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය අපේක්ෂා කර තිබේ.

පසුගිය 25 වැනි දින ආරුගම්බේ ප්‍රදේශයේදී විදේශ ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධව මෙම සැකකරු සොයා පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වේ නම් පොතුවිල් පොලිස් ස්ථානයේ 063 2248022 හෝ පොතුවිල් පොලිස් ස්ථානාධිපති 071 8591168 යන දුරකතන ඇමතුමක් මගින් තොරතුරු ලබා දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *