ඉන්දියාවේ රාජතාන්ත්‍රික නිල සංචාරයක නිරත වී සිටි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබේ.
අග්‍රාමාත්‍යවරිය ඊයේ (18) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සදහන් කලේ.
නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය 16වැනිදා ඉන්දියාව බලා පිටත්ව ගිය අතර එම සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ මෙන්ම එරට ඉහළ පෙළේ නායකයින් සමඟ සාකච්ඡා සිදුකල අතර ඉන්දියාවේ NDTVආයතනය මගින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක දේශනය ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් සිදුකරනු ලැබුවා.



